(නිශාන්ත කුමාර )
මීගහකිවුල අග්ගලාඋල්පත ගම්මානයට ඉහළීන් පිහිටි කැලෑවේ ඇති නීතිවිරෝධී කසිප්පු තිත්පලක් වැටලීම සඳහා අද (26) දහවල් එහි ගිය කන්දකැටිය පොලීසියේ නිලධාරි පිරිසක් අතර සිටි එක් නිලධාරියෙකු වන සතෙකුට අටවන ලද තුවක්කුවක් පත්තුවී බරපතල තුවාල ලබා මීගහකිවුල රෝහලටත් අනතුරුව බදුල්ල ශික්ෂණ රෝහලටත් මාරුකර යැවූ බව පොලිසිය පවසයි.
සිද්ධීයෙන් තුවාල ලබා ඇත්තේ කන්දකැටිය පොලිසියට අනුයුක්තව සේවයේ නියුතු තිස්හය හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි.
මීගහකිවුල අග්ගලාඋල්පත ගම්මානයට ඉහළීන් පිහිටි කැලෑවේ නීතිවිරෝධී කසිප්පු තිත්පලක් පවත්වාගෙන යන බවට පොලීසිය වෙත ලද තොරතුරක් මත අද 26 දහවල් කන්දකැටිය පොලීසියේ නිලධාරීහු කණ්ඩායමක් අග්ගලාඋල්පත සෝදිසි මෙහෙයුමක් දියත්කරමින් සිටිය දී මෙම අනතුර සිදුව ඇත.
වැටලීම සඳහා එහි ගිය නිලධාරී පිරිසට කැලෑව තුලින් වෙඩි හඩක් ඇසීමත් සමගම දුරකතන ඇමැතුමක් දී පරීක්ෂා කරද්දී පොලිස් නිලධාරියාට වෙඩි වැදී ඇති බව දැනගෙන ඇත. වෙඩි වැදීමෙන් පොලිස් නිලධාරියාගේ උදර හා කොන්ද ප්‍රදේශයට බරපතල තුවාල සිදුව ඇත.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවකු රුපියල් 1500/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා වි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ නිල සංචාරයක් සඳහා හෙට(3) රාත්‍රියේ දිවයිනෙන් බැහැර යයි.
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණය පිිඨයේ දෙවැනි වසරේ සිසුවකු නවක වදය හේතුවෙන් දිවි හානිකර ගෙන ඇති බවට තිබෙන චෝදනාව සම්බන්දයෙන් එයට සමිබන්ද පුද්ගලයන්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුවෙකුට එම වසරේම සහ සිව්වන වසරේ සිසු පිරිසකගේ පහරදීමකින් රෝගාතුර ප්‍රතිකාර සඳහා වැලිගම ප
එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව යුද හමුදාව දියත් කළ ක්‍රියාන්විත අතරතුරදී සොයාගන්නා ලද රන් ආභරණ ඇතුළු රත්‍රන් තොගයක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි
මිටියාගොඩ උඩුමුල්ල ප්‍රදේශයේදි පිහියෙන් ඇන අද සවස පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
වැටලීමට ගිය පොලිස් නිලධාරියාට වෙඩි