
(උපුල් හේරත්)
සිවලාකුලම කුට්ටිකූලමේ විදුහලක සිසුන් සඳහා ලබා දුන්නේ යැයි කියන විටමින් පෙති පානය කිරීමෙන් පසු ආසාත්මික තාවයක් හේතුවෙන් ළමුන් පහළොස් දෙනෙකු අද (05) ප්‍රතිකාර ලබාදිම සදහා අනුරාධපුර පයිරිමඩුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව සිවලාකුලම පොලිසිය කියයි.
එම පාසලේ හයවන ශ්‍රේණිය හා හත්වෙන ශ්‍රේණියේ ළමුන්ට විටමින් පෙති පානය කිරීම සඳහා ලබා දී ඇත.
විටමින් පෙති පානය කිරීමෙන් පසු දරුවන්ට උදරයේ ඇති වූ අසාත්මික තාවයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති අතර එම සිසුන්ට අසාධ්‍ය තත්වයක් නොමැති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.
අද සවස් වන විට එම සිසුන් මුදා හරින බව ද එම ප්‍රකාශකයා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd