(නිමල කොඩිතුවක්කු)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවට නව සාමාජිකයන් පත් කර තිබේ.
ඒ අනුව එම කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වන එස්. රනුග්ගේ මහතාත් එහි ලේකම්වරයා ලෙස හිටපු අමාත්‍යාංශ ලේකම් අනුර ජයවික්‍රම මහතාත් පත්කර ඇත.
ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීන් වන සී. පී සිරිවර්ධන, ආචාර්ය දමිතා ද සොයිසා , ලලිත් කන්නංගර, ජානක සුගතදාස, චිත්‍රාංගනී වාගීෂ්වර, චන්ද්‍රානි සේනාරත්න, කිංස්ලි ප්‍රනාන්දු, ජී. එස් එදිරිසංහ, එම්. සී වික්‍රමසේකර, වෛද්‍ය පාලිත අබේකොන්, ඩී අබේසූරිය, ලෙස්ලි දේවේන්ද්‍ර යන මහත්ම මහත්මීන් පත්කර තිබේ.
නව සාමාජිකයන් වෙත පත්වීම් ප්රදානය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදුකෙරිණි.
එම අවස්ථාව සඳහා ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ද එක්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේවකයන්ගේ කාර්යක්ෂමතාව බලන්නේ නැද්ද? පත්කළ නිලධාරීන්ගේ සුදුසුකම් පලකරන්න. එය යහපත් දෙයක්.
මීට පෙරත් වැටුප් කොමිසමක් පත් කළා නේද? කෝ ඒකෙ ප්‍රතිඵල? අලුතින් සාමාජිකයන් පත්කර කර ඒ අයට පඩි නඩි ගෙව ගෙව රටේ මුදල් නාස්ති කරන එක නේද මේ කරන්නේ?