(තිසර සෝමරත්න)

වසරකට පෙර රාජ්‍ය සේවක වැටුප ගෙවීම පවා දුෂ්කර වූ රටක වැටුප් වැඩි කරන බව සැලවීමත් ජනතාවගේ පාර්ශ්වයෙන් සුබවාදී පනිවිඩයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

එය නිවැරැදි නායකත්වය යටතේ රට යහපත් ආර්ථික දිසාවකට ගමන් කරන බවට කදිම නිදසුනක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මීට වසරකට පෙර රාජ්‍ය සේවයක වැටුප කොටස් වශයෙන් ගෙවීම, නියමිත දිනය පමා කොට ගෙවීම ආදී පියවර අනුගමනය කිරීමට පවා රජයට සිදු වූ බව ඔහු පෙන්වා දුන්නේ ය.

එහෙත් අද වන විට සාකච්ඡා වන්නේ වැටුප් ගෙවන ආකාරය නොව වැටුප් වැඩි වන ප්‍රමාණය පිළිබඳව බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

සාම්ප්‍රදායික විපක්ෂයක් සමග ගමන් කරමින් රට නිවැරැදි දිශාවක් කරා ගමන් කරවමින් සිටින අවස්ථාවක මෙම වැටුප් වැඩිවීම විපක්ෂයට සටන් පාඨ අහිමි කිරීමක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

වැඩිවන වැටුප හිමි කර ගැනීම සේම ඒ වෙනුවෙන් දුෂ්කර ආර්ථිකයක් යටතේ ගමන් කරන රට වෙනුවෙන් සිය යුතුකම් ඉටු කිරීමට ද රාජ්‍ය සේවයකයන්ගේ වගකීම බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.