(විශේෂ වාර්තාකරුවකු)

මැදිරිගිරිය වටදාගෙය පූජා භුමිය තුළ නොයෙක් අපචාර සිද්ධීන්, නිදන්වස්තු කොල්ලකෑම ඇතුළු නොයෙකුත් දුරාචාරයන් සිදුවන බවට ගම්වාසීහු සහ වන්දනාකරුවෝ චෝදනා කරති.

දෙස් විදෙස් බොහෝ දෙනා වන්දනාමාන කරන මෙම වටදාගෙය පූජා භුමියේ මීට පෙර මෙවැනි ජාවාරම්කරුවන්ගේ තෝතැන්ක් බවට පත් නොවූ අතර මෑත කාලයේ විවිධ දුරාචාරයන් සිදුවන බවට ගම්වාසීහු පවසති.

තවද මීට දින ගණාවකට පෙර වටදාගෙය පූජා භූමියේ පිවිසුමේ ඇති ගල් තලාවේ නිධන් වස්තු සොයා ඇති අයුරු දක්නට ඇති බව ද ඔවුහු චෝදනා කරති.

ඒම ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේදී  නිදන්වස්තු ගැනීම සදහා කැනීම් කළ ස්ථානය පස් දමා වසා ස්වාභාවික ලෙස තණ වැවුණු බිමක් බවට මවා ඇතැයි ද ඔවුහු කියති.

අප මේ සම්බන්ධයෙන් මැදිරිගිරිය කලාප බාර නිලධාරී ප්‍රසාද් කුමාර මහතාගෙන් කළ විමසීමකදි මෙසේ පැවැසීය.

ඔය කියන  විදියේ අපචාර හෝ නිධාන් හැරීමක් සිදුව නෑ. නමුත් පසුගිය දා අලුයම සිදු වූ සිද්ධියක් මා ඉහළ නිලධාරින් දැනුවත් කළා. වසර ගණනක් තිස්සේ අප මේ භූමිය ආරක්ෂාකරනවා. අප ඉන්නේ මේ භූමිය ආරක්ෂා කරන්න. නමුත් ටික කලක සිට පිරිසක් මෙම භූමියේ අයිතිය උදුරා ගන්න හදනවා. මේ හැම දෙයක්ම ඒ පිරිස විසින් කරන කුමන්ත්‍රණ. මෙම භූමියේ සිදුවනවා යැයි කියන  අපචාර සම්බන්ධයෙන් මෙහි ආරක්ෂාව යොදා සිටින සිවිල් ආරක්ෂක බළකාය වගකිව යුතුයි.