(ෂේන් සෙනෙවිරත්න)
මෙරට ඉතා ඉක්මනින් මූල්‍යමය වශයෙන් බංකොලොත්වීමේ අවදානමකට මුහුණ පා තිබෙන බවත් ඉන් රට ගලවා ගෙන ඉදිරියට යා හැකි වැඩපිළිවෙළක් ලබන වසරේ මුල ඉදිරිපත් කරන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
මන්ත්‍රීවරයා ඒ් බව පැවැසූවේ පෙරේදා (25) මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි උභය මහා විහාර මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
මේ අවස්ථාවේ කළ යුත්තේ පොදු අපේක්ෂකයන් ගැන කතා කිරීම නොව පවතින තත්ත්වයෙන් රට මුදා ගැනීම සඳහා වන පොදු වැඩපිළිවෙළක් සකස් කර ගැනීමයි.
ණය උගුලෙන් ගැලවී පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගන්නේ කෙසේද යන්න පිළිබඳ පොදු වැඩපිළිවෙළක් ජනවාරි මස රටට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා .
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න දැන් ප්‍රමාද වැඩියි . ආර්ථික අර්බුදය ආණ්ඩුව පෙන්වනවාට වඩා ඉහළයි . ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියොත් ඒ අය මූල්‍ය උපදේශකයින් පත් කිරීම තමයි කරන්නේ . අපට ණය ලබාදී තිබෙන රටවල් හා ආයතන සමඟ සාකච්ඡා ආරම්භ කරලා ණය නැවත ප්‍රති ව්‍යුහගත කරන්න ඔවුන් පියවර ගන්නවා .
එසේ වුවහොත් අපි රටක් ලෙස බංකොලොත් බව පිළිගන්න සිදුවෙන අතර එය තහවුරු වීමක් ද සිද්ධ වෙනවා . රටක් බංකොලොත් වුවහොත් දශක ගණනාවක් යනතුරු එම තත්ත්වයෙන් රට ගලවා ගන්න බැහැ. යැයි රණවක මහතා කීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා හොඳයි ලී වල පාටගාන්න. මේ දෙගොල්ලන්ම එකතුවෙලා රට කර මුලට ණය කරලා, දැන් රට ගොඩගන්න යනවාලු. ඒක කරන්නේ තවත් ණය අරගෙනද?
පහුගිය සමයේ රජයේ වියදමින් තමාව පුම්බා ගනිමින් මහජන මුදල් කාබාසිනියා කෙරුවේ මෙයා බව ජනතාවට තාම අමතක වෙලා නෑ. තව කාලයක් ඉවසන් ඉන්න වෙයි ලොක්කෝ...
දැන් රට කන හාල්පාරුවන් ගැන බලනකොට මෙයා හොඳයි.
මහනායක ස්වාමීන් වහන්සේලාට රටේ ආර්ථිකය ගොඩගන්නා ආකාරය ගැන පැහැදිලි කිරීම පැත්තක තියලා අනේ කවුරුහරි රටේ බුද්ධාගම ගොඩගන්නා ආකාරය ගැන උන්වහන්සේලාට පැහැදිලි කළානම් හොඳයි නේද?
මුලින්ම සෝම ස්වාමීන් වහන්සේ විකුණගෙන කෑවා. දැන් මොකටද එන්නේ? ඔය සුදු ඇඳුම් ගලවලා අඩුම ගානේ කෙළින් එන්න. බොරුව නැතිව.
අම්මෝ අපිට තියන ආදරයක තරම
ඕවා කියලා වැඩක් නෑ. ආන්ඩුවක් හදන්නෙ කන්ඩායමක් මිස තනි පුද්ගලයෙක් නෙවෙයි. ඔතන ඉන්නෙත් පොහොට්ටුවෙ වගේම හොරු ගොඩක් විතරයි. දැන් ගොඩ දෙනෙක් ඊලග පාර ජේ වී පී එකට චන්දෙ දෙන්න තීරනය කරලා ඉවරයි
බටහිර රටවල් සහ ඉන්දියාව බලන්නේ ලංකාව චීන කදවුරෙන් බටහිර කදවුරට ගෙන යා හැකි කෙනෙක්. මේ සදහා බැසිල් රාජපක්ෂ බදවාගෙන ඉවරයි. මේ ආර්ථික අර්බුධයෙන් මුදවාගන්නට ඇමරිකන් ඩොලර් තොගයක් සමග බැසිල් අද හෙටම පැමිණ වීරයා චරිතය රගපෑමට පටන් ගන්නවා. බැසිල්ට සහය ලබාදී නව රජයක් බිහි කරගන්නා ලෙස බටහිරෙන් එජාපයට උපදෙස් ලැබෙනවා. ජනතා හිතවාදී රජයක් බිහිවුනොත් ප්‍රධාන පක්ෂ දෙකේම බොහෝ අය සිරගත විය හැකි නිසා එජාපයේ බොහෝ අයගේ සහය බැසිල්ට ලැබෙනවා. එජාපයේ සහ පොදු පෙරමුණේත් ඉන්දියාවේ උපදෙස් මත ද්‍රවිධ සංවිධාන වලත් සහයෝගය ඔහුට ලැබෙනවා.ඇමරිකානු ගැති සවුදි අරාබිය සහ අරාබි එමිරේට් උපදෙස් මත මුස්ලිම් පක්ෂ වලත් සහය බැසිල්ට ලැබෙනවා. පක්ෂ මාරු කිරීමට දේශපාලකයන් මිලදී ගැනීමට ඇමරිකානු ඩොලර් බටහිරින් ලැබෙනවා. චීන කදවුරෙන් බටහිර කදවුරට රටක් දිනා ගැනීමට ඕනෑම මුදලක් වියදම් කිරීමට ඇමරිකාව ප්රමුඛ බටහිර රටවල් සුදානම්. අවසානයේ සිදුවෙන්නේ මෙයයි. චීනය සහ චීන විරෝධී රටවල් ලංකා භුමිය සටන් වේදිකාවක් කර ගන්නවා. අලි අලි පෙම් කෙලිනවිටත් ගහ මරා ගන්නා විටත් තැලෙන්නේ පොඩි වෙන්නේ තණකොළ.
හැම එකාම බලන් ඉන්නේ රටේ නායකයා වෙන්න.නායකත්වය නෙවෙයි අනාගත පරපුරට යහපත් රටක් ඇති කරන්න කටයුතු කරන්න
විපක්ෂ පට්ටියේ හිටියේ සහ සිටින සියලුම දේශපාලුවන් මෙතෙක් කාලයක් කලේ සහ කරන්නේ එළුවා පසුපස යන හිවලුන්ගේ න්‍යාය බව හොඳින්ම පැහැදිලියි. මොහුද එම මාර්ගයේ යන කෙනෙකි.. සුදු රෙදි ඇඟේ ඔතාගත් පමණින් එකා... අති පිරිසිදු අවංක මිනිසෙකු නොවන බව නැවත නැවතත් මහජනතාවට ඔප්පුකර ඇත...
වැඩක්කරන්න ප්රඥ්ඤාවක් තියෙන දුර දැක්මක් තියෙන මිනිහෙක්, හැබැයි ඉන්නෙ වැරදි තැන.
මෙයා ඊළඟ ජනාධිපති වීමේ සිහිනේ ඉන්නේ. ප්‍රධාන පක්ෂය මාර්ගයෙන් විවිධ මුහුණ, සන්ධාන, පෙරමුණ, ලාංචන වැඩපිලි සහ පාටවලින් ආවට, ඔවුන් කිසිකෙනක් විශ්වාස කරන්න බැහැ. මෙහම තමයි මෛත්‍රීත් එවිල්ල රවට්ටලා ගියා. චන්ද්‍රිකා, මහින්ද සහ මෛත්‍රී සේරම බලයට ආවේ විධායක ජනාධිපති දුරය අහෝසි කරනවයි කියල. නමුත් ඔවුන් එම පොරුන්දු ඉටු කලේ නැහැ. ජේ ආර් ගේ ව්‍යවස්ථාවෙන් අද රට මෙතරම් ප්රපාතය වැටී තියන්නේ. ජේ ආර් සිට මේ දක්වා මේ විධායක කියන තනි පුද්ගලයා මුළු කැබිනට්, පාර්ලිමේන්තු සහ රාජ්‍ය සේවය යට කර ගෙන ඉන්නේ
මේ ගොල්ලෝ හරියට කතා කරන්නේ ඒ අය බලයේ ඉන්නකොට හොඳ සුකිත මුදිත රටක් භාර දුන්නා වගෙයි.
වහල්ලුන්ට මොනවා කියලත් වැඩක් නැහැ. රටට මෙච්චර වෙලත් තවමත් සර්ට කඩේ යන අයට රට බංකොළොත් වුණාට පස්සේ තමයි තේරෙන්නේ...
දැන් ඔයාලා බලයේ ඉන්නකොට එහෙමද කළේ...? ඔය කියන වැඩ පිළිවෙළවල් හදන්න පුළුවන් තරම් කට්ටිය 225 ඇතුලේ නෑ. මෙයත් එක්කම අනිත් අයත් ඔක්කොම මොලයක් නැති මිනිස්සු...
මෙයා පාට ලී නෙමෙයි දිරච්ච ලී... අවුරුදු 5ක්ම මෙයාලා රට ගොඩදැම්මනේ... මේ වෙන විපතට වගකියන්න ඕනෑ මෙයාලා.. රට ගොඩ දැමීම කෙසේ වෙතත් මෙයාලා නම් ගොඩ ගියා.
අවුරුදු හැත්තෑවකට කලින් සහ අද වෙනස් නෑ... එදා අපිටත් වඩා පහතින් හිටපු රටවල් අද අපිටත් වඩා ගොඩක් දියුණු වෙලා. ඒකට හේතුව තමයි නූගත් ජනතාව සහ දූෂිත දේශපාලකයින් අධ්‍යාපන ක්‍රමය හා නීති පද්ධතිය වෙනස් නොවනතුරු බුද්ධිමත් ජනතාව බිහිනොවන අතර දක්ෂ පරාර්ථකාමී දේශපාලකයින් බිහි නොවනතුරු ඒවා වෙනස් නොවේ.. එසේම නූගත් මිනිසුන් අඩු නොවනතුරු දූෂිත දේශපාලකයින්ගේද අඩුවක් නොවේ..
හොර ගමන් යන ගමන් අර කොල්ලා සදහටම අබ්බගාත කරපු එකට දඬුවම් විඳලා හොරකම් කරපුවත් ගෙවලා නාලා වරෙන්