
(අංජුල මහික වීරරත්න)
රටක බිඳ වැටුණු ආර්ථිකයක් වසර දෙකක් වැනි කෙටි කාලයකදී ස්ථාවර මට්ටමකට ගෙන ආවා නම් එය සිදු වූයේ ශ්‍රී ලංකාවේ පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රටක් ලෙස ලැබු එම ජයග්‍රහණය ආරක්ෂා කර ගනිමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට සියලුදෙනා එක්විය යුතු බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ පැවති “දියවර දිරිය” ජාතික ධීවර සම්මේලනය අමතමිනි.
දිවයින පුරා ප්‍රධාන ධීවර සමිති සහ ශාඛා සමිති සභාපතිවරුන් ඇතුළු නියෝජිතයන් විශාල පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහත්වරුන් සහ ජාතික ධීවර මහා සම්මේලනයේ නියෝජිතයන් විසින් ධීවර ප්‍රඥප්තිය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට ඒකෙ දැනෙන්නේ නැත්නම් ඔය හිස් වචන කියලයි මම කියන්නේ... අපි ණය කාරයෝ කරලා ගොඩනගන ආර්ථිකය හිඟාකෑමක් මිස වෙන දෙයක් නෙවෙයි.
ඒ කියන්නේ සෑර් දැං අපි ලෝකෙට ණය නැත්ද? එහෙමත් නැත්තං ගෙදරට මරගාතේද?
මේ මනුස්සයා මේ කරන ජනතාව මුලා කිරීම වහාම නැවැත්විය යුතුයි. බිලියන ගණන් ගෙවන්න තිබුණු ණය ගෙවන්න තිබුණු ණය ගෙවන්න බෑ කියලා කල් ඉල්ලගෙන කියනවා. ආර්ථිකය හැදුවලු.. ගෙවන්න තිබුණු ණය ගෙව්වේ නෑ... විතරක් නෙවෙයි... මේ මනුස්සයා තව ඩොලර් බිලියන 4ක ණයත් අරගෙන...
ආර්ථිකය කොයිතරම් ස්ථාවරද කියනවානම් පුළු පුළුවන් හැමෝම රට අතහැරලා යනවා. එහෙම බැරි අය නොකා නොබී, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කරගෙන නොමැරී බැරි කමට ජීවත් වෙනවා. නමුත් ගජ මිතුරු කල්ලිය බදු වංචා කරමින් දිනෙන් දින මඩි තර කර ගන්නවා. සංඛ්‍යා ලේඛන වලට අනුව ආර්ථිකය ස්ථාවර ඇති. නමුත් ඒක රටේ මිනිස්සුන්ට දැනෙන්නේ නැත්නම් ඇති වැඩක් තියනවද?
ඇත්තද අම්මපා... මාර මැජික් එකක්නේ මෙයා කරලා තියෙන්නේ. එතකොට තවතවත් ණය අරගෙන නෙවෙයිද? මෙයා හිතන් ඉන්නේ අපි ගොන්නු කියලද? තවම...
අනේ යන්න... පච කියන්නේ නැතිව... ගත්තු ණය එහෙම්මමයි.
හරි ගැස්සුවා... අරලියගහ මන්දිරේ සජිත්ගේ ඇඳ...!
අඩේ අප්පා.., මම බෝම අමාරුවේ අෂ්තාවර කරපු රට මේ යෝදයා කාටත් හොරෙන් තනියම ස්ථාවර කරලා... කැතයි හොඳේ...!
රටේ ආර්තිකය බන්කොළොත් කෙරුවේ ඔය කියන දූෂිත දේශපාලුවන්ම තමයි. හතර අතේ ණය වෙලා, ජනතාව මත උහුලන්න බැරි තරමට බදුබර වැඩි කරලා ආර්තිකය ගොඩ දාපු හැටි නියමයි...
හරි ගැස්සුවා? හිඟා නොකා හිඟා කනවා..!
හරි ගස්සපු පාටක් නම් පෙන්නේ නෑ. ඒත් අවුරුදු 75ක් තිස්සේ මේ රට වට්ටපු හැටි නම් මැවිලා පේනවා...!
කොහේද මහත්තයා එහෙම වෙලා තියෙන්නේ. බදු වැඩි කලා. එච්චරයිනේ. කෙරෝනා කාලේ ලංකාවට ආපු විදෙස් ශ්‍රමිකයින් ආපහු ගිහිල්ලා සල්ලි ටිකක් එවනවා. කොරෝනා නිසා රටට ආපු නැති විදේශිකයින් දැන් ආපහු එනවා. මේක රනිල්ගේ විජ්ජාවක් නෙවෙයි. ආර්ථිකය වර්ධනය කරන්න අපනයන ආර්ථිකය වැඩි කළාද? රටේ නිෂ්පාදන අඩු මිසක් වැඩි වුනේ නැහැ. නිකං බොරුවට මිනිස්සු රවටන්න එපා. රට තවමත් ප්‍රපාතයේ තියෙන්නේ...
මහා පරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා ,නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා, අපේ රට හිගාකන ජාතියක් බවට පත්කරපු දූෂිත නායකයෝ ඉන්නෙත් ලන්කාවේ පමණයි .
ඒ ඔබතුමා වගෙ දක්ෂයෙක් හිටපු නිසයි. ඒක අපේ වාසනාව. අනිත් රටවල් වල ඔබතුමා වගේ බය නැතුව ඉදිරියට ඇවිත් අභියෝග බාර අරගෙන වැඩ කරපු නායකයෙක් නැති නිසා අදටත් ඒ රටවල් බංකොලොත්. රටේ ජනතාව මේ ඇත්ත තේරුම් අරන් ඉන්නේ.
හොඳට තිබුණු රට වට්ටපු පොහොට්ටුවේ අය එතකොට?