
(නිමල කොඩිතුවක්කු)
වැට් බද්ද සියයට 18 දක්වා වැඩි කිරීම බදු සූත්‍රය විකෘති කිරීමක් බවත් මේ හරහා රටේ සාමාන්‍ය ජනතාවට, දිළිඳු ජනතාවට, වැඩ කරන ජනතාවට අධික බදු බරක් පැටවෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
වැට් බද්ද වැඩි කිරීමට ගත් තීරණය මගින් රජයේ දුර්වලකම, ආකර්යක්ෂමතාව, දුර්වල රාජ්‍ය පාලනය පිළිබිඹු වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ජනතා වරමක් නොමැතිව මෙවැනි බදු බරක් ලක්ෂ 220ක් වූ ජනතාව මත පටවන්නේ කෙසේද කියා රජයෙන් ප්‍රශ්න කර සිටින බවත් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සමඟ කොළඹ දී පැවති සාකච්ඡාවක දී ඔහු කීවේය.
එමෙන්ම වසරකට දෙවතාවක් පමණක් මිල වැඩ කළ හැකි බවට නිති තිබිය දී මාස 3න් 3ට විදුලි බිල සංශෝධනය කළ හැකි කැබිනට් තීන්දුවක් ගැනීමට රජය කටයුතු කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ව්‍යාජ දත්ත හා සංඛ්‍යාලේඛන ඉදිරිපත් කර රටේ පාරිභෝගික ජනතාව මංමුලා කර බදු බර වැඩි කර විදුලි බිල මාස 3න් 3ට ඉහළ දැමීමේ තීන්දුවලින් ඔප්පු වන්නේ ජන පීඩක ජන ඝාතක ආණ්ඩුව ජනතාවගේ කරපිට පීඩනයක් අසහනයක් පැටවීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට ඕකත් බරක්ද මහත්තයෝ...? කන්න නැතත් ඉන්න රටක් ඉල්ලපු අයට තව වැඩිපුර බර අදින එකත් කජ්ජක්ද...?
විකාර කියන්නේ නැතිව ඉන්න. දැම්මොත් ගොන් පාට් එකක්ම තමයි. වැට් අඩුකළාම ගෝඨාභයට චෝදනා කළා වැට් අඩුකළා කියලා... දැන් වැට් වැඩි කළාම චෝදනා කරනවා වැට් වැඩිකළා කියලා. ඔයාලාම ඊළඟට කියනවා රජයේ සේවකයින්ගේ පඩි වැඩිකරන්න කියලා. ඔහේ දන්නවා රටේ ඉන්නේ මෝඩ රැලක්... ඔවුන්ව ගොනාට අන්දන්න පුළුවන් කියලා...
අප්පුහාමි කියන්නකෝ එහෙනම් බලන්න බදු නැතිව රටක් ගෙනයන ඔහේගේ මැජික් එක...? අනේ මේ නිකන් යන්න මහත්තයෝ යන්න ගැලරි දේශපාලනය නොකර.