IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


විජේසිරිගේ කතාවකින් මැතිසබේ නොසන්සුන්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සහකාර මහලේකම් නීතිඥ හංසන  අබේරත්න මහතා අපහසුතාවයට ලක්වන අයුරින් අපහාසාත්මකව දෝෂාරෝපණය කිරීමේ සිද්ධියක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ  දැඩි නොසන්සුන් තත්ත්වයක් අද (10) පස්වරුවේ ඇතිවිය.

පාර්ලිමේන්තු සභා ගර්භයේ  ලේකම් මණ්ඩලය අසුන්ගෙන සිටින ස්ථානය අසලදී මෙම සිද්ධිය වී ඇතැයි පැවසෙන්නේ  ඊයේ (10) පස්වරුවේදීය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී සමන්ප්‍රිය හෙරත් මහතා
මෙසේ පැවසීය.

චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා පෞද්ගලික කාරණයක් හේතුවෙන්  සහකාර ලේකම්වරයාට දෝෂාරෝපණයක් එල්ල කළා. මම ඒ අවස්ථාවේදී නැගී සිටියේ  මුලසුන නියෝජනය කරන මන්ත්‍රීවරයකු විදියටයි.ඔහු
එතුමට හොරා කිව්වා.

රාජ්‍ය  නිලධාරියකුට හොරා කියනකොට ඒක ලොකු අවුලක්. මොකද එතුමා  මෙතන අදහස් දැක්විය නොහැකි නිලධාරියෙක්.

චමින්ද විජේසිරි මහතා;

බැන තර්ජනය කිරීමක්  ගැන පහළ උසාවියක නඩුවක් තියෙනවා. සමථ විය යුතු නඩුවක් මහාධිකරණයට යන්නේ දේශපාලන කාරණයක් නිසා.

අපිට මේ සභාවේ අගතියක් වෙනවා නම් ඒක කියන්නේ මුලසුනට. අගතියේ ආරම්භය අමුතුවෙන් කියන්න ඕනේ නෑ. ඒක  මුලසුනේ ඉන්න  ඔබතුමා දන්නවා.
මම  වගකීම හරියට ඉටු කරන මන්ත්‍රීවරයෙක්. මගේ කතාව කලින් දෙන්න කියලා නීත්‍යානුකූල ඉල්ලීමක් කළා.  එසේ  නොලැබීම නිසා ඇතිවූ  මගේ හැසිරීම ගැන කණගාටු වෙනවා.

ඒ අවස්ථාවේදී මුලසුනේ සිටි මධුර විතානගේ මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.

රාජ්‍ය නිලධාරියකුට  හොරා කියනකොට අවුලක්. මොකද එයාට මෙතන කතා කරන්න බැහැ.  ඔබතුමාට ලේකම්  සම්බන්ධයෙන් කිසියම්   ගැටලුවක් තියෙනවා නම් විපක්ෂයේ  ප්‍රධාන සංවිධායක කාර්යාලයට දැනුම් දෙන්න පුළුවන්. ලේකම් මණ්ඩලයට ඒවට උත්තර දෙන්න බැහැ.  එතුමා මෙතන කැපවීමෙන් වැඩ කරන නිලධාරියෙක්.

රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා

මේ ආකාරයට නිලධාරීන්ට තර්ජන කිරීම බරපතළ  ඛේදවාචකයක්. චමින්ද විජේසිරි මන්ත්‍රිතුමා හංසන අබේරත්න සහකාර ලේකම් තුමාට  කැත විදියට ආමන්ත්‍රණය කරලා තියෙනවා.

මේ සිද්ධිය තරයේ හෙළා දකිනවා. අපි මේ ගැන චමින්ද විජේසිරිට   එරෙහිව  වෙනම යෝජනාවක් ගේනවා.මන්ත්‍රී වරප්‍රසාදවලට මුවා වෙලා මේ විදිහට  හැසිරෙන එක අනුමත කරන්න බෑ.



අදහස් (1)

විජේසිරිගේ කතාවකින් මැතිසබේ නොසන්සුන්

මියැසි Friday, 10 November 2023 07:33 PM

චමින්ද විජේසිරි උන්නැහේ... දන්න පාර්ලිමේන්තු සාම්ප්‍රදායක් නැති බව පැහැදිලියි...

:       2       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 795 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 464 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site