( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
නිවාඩු දින සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනු කළ නඩු විභාගය අතරේ ලබාදුන් විවේකයේ ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතාට බැණ තර්ජනය කළ උපකාරක පන්ති ගුරුවරයකු අධිකරණ බාරයට ගෙන පසුව රුපියල් ලක්ෂ පහක මුදල් ඇප සහ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (1) නියෝග කළේය.
මෙලෙස ඇප නියම වූයේ නුගේගොඩ උපකාරක පන්ති ගුරුවරයකු වූ විමල් රෝහණ කෝදාගොඩ නැමැත්තාටය.
එසේම එම උපකාරක පන්ති ගුරුවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා පත්‍රයක් ලබන 27 වැනිදා අධිකරණය හමුවේ ගොනු කරන ලෙසට ද අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා නීතිපතිට නියෝග කළේය.
නිවාඩු දින සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව උපකාරක ගුරුවරුවරයකු හා පියකු ගොනු කළ පෙත්සම් විභාගයට ගන්නා අතරතුර පෙරවරු 11.30 ට ලැබු කෙටි විවේකයේ දී අදාළ පුද්ගලයා ජනාධිපති නීතීඥ රාජපක්ෂ මහතාට බැණ තර්ජන කරන ලදී.
ඉන්පසුව ඒ සම්බන්ධයෙන් රාජපක්ෂ මහතා අගවිනිසුරු ප්රමුඛ විනිසුරු මඬුල්ලට පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර එම පැමිණිල්ල සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමෙන් පසුව මෙම නියෝග නිකුත් කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මේ කාලේ පැවැත්වෙන්නේ උපකාරක පංතිද අපකාරක පංතිද කියා සිතෙන්නේ පසුගිය දිනක විද්වතුන් පිරිසක් කල රූපවාහිණී සාකච්ඡාව ඇසුවාට පස්සේ. එහිදී මනෝ වෛද්‍ය විශේෂඥතුමෙකු එතුමාගේ අත්දැකීම් විස්තර කිරීමට අනුව මෙම පංති පවත්වන ක්‍රමයෙන් දරුවන් දැරියන් දැඩිම මානසික පීඩාවන්ට පත්වෙනවා. රජය අධ්‍යාපනයට වෙන්කරන මුදලින් කිසිවක් වෙන්නේ නැතිද කියලත් හිතෙනවා. එකිනෙකා මරාගෙන කරන මෙම පංති ක්‍රමය වහාම මෙරටින් තුරන්කල යුතුමය
විජේදාසට බනින්න නෙවෙයි ඕනේ... තව මොනවා හරි කරන්න. විජේදාසගේ පුතා එහෙම ඉරිදා පන්ති ගිහිල්ලා නෙවේලු ඉගෙන ගත්තේ... එදා පන්සල් ගියාලු නේද? අනේ මගේ කට... විජේදාසගේ පුතාට උගන්වපු ටියුෂන් ගුරුවරයෙක් කියලා තිබුනේ. විජේදසගේ පුතාට ටියුෂන් දුන්න කියලා ඉරිදා දවස්වල. ඔක්කොම දැන් මහා ලොකු කෙරුම්කාරයන් වෙලා. අතීතය අවුස්සලා බලන්න ඕනේ කුණු ගඳගහන හැටි බලන්න.
කාලා වරෙන් පුතා. දැන් ප්‍රයිවට් ගුරාලානේ මිනිසුන්ට ජාති දමන්නේ...
උපකාරක පන්ති ගුරුහොරු තමයි අලුත්ම චණ්ඩි කොටස. පහුගිය දවස්වල හැමෝම දැක්කනේ නිට්ටඹුව පැත්තේ මහපාරේ එකෙක් සෙල්ලම් දාපු හැටි.
ගුරාලා, චණ්ඩිවෙලා ඉස්කෝල කොල්ලෙකුගෙන්ම පාර හම්බවෙයි...