(යොහාන් භාසුර)
අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක්ව සිටියදී නිදහස් පක්‍ෂයේ වැඩබලන සභාපති ධූරයට පත්වීම බරපතල තත්වයක් බවත් ඒ මහතාගේ පක්‍ෂ සාමාජිකත්වය පිළිබඳව අද දිනයේ පක්‍ෂය තීරණයක් ගනු ඇති බවත් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා අද (22) පැවසීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී අද පැවැති විශේෂ මාධ්‍ය හමුවෙදී එසේ පැවසීය.
බැලූ බැල්ලමට ඉතාම පැහැදිළිව රාජපක්‍ෂ මහතා වැරැද්දක් කර ඇතැයි පෙණෙන බව කී කුට්ටිආරච්චි මහතා ඒ අනුව විජේදාස රාජපක්‍ෂ මහතාට පක්‍ෂ සාමාජිකත්වය අහිමිවිමේ අවදානමක් ඇති බව ද සඳහන් කළේය. පක්‍ෂ සාමාජිකත්වය අහිමිවුවහොත් මන්ත්‍රී ධූරයට ද ගැටලුවක් ඇති වියහැකි බව ද තිස්ස කුට්ටිආරච්චි මහතා වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයගොල්ලෝ ඔක්කොම ගැන අපි නම් තීරණයක් අරගෙන ඉන්නේ. එන්න එපා අපේ ගෙවල්වලට ඡන්දේ හිඟාකාගෙන. කඩනවා කොන්ද. බල්ලෝ ලිහා ඇත.
ඩීල්දාස වගේ, මේ කියන කුට්ටිත් එහෙ මෙහෙ පනින්න කෙනෙක් තමයි.
රට හදන්න නොවේ, මොනවා හරි පක්ෂයකින් පාර්ලිමේන්තු එන්න තමයි මුලින් බලන්නේ. ඊට පස්සේ වාසි පැත්තක් හොයාගෙන යනවා පක්ෂයට පිටිපන මිනිස්සු එළවලාදාන එක තමයි කළ යුත්තේ...!