
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කොළඹ 2 කොම්පඤ්ඤවීදියේ පිහිටි ඉඩමක් වංචනික ලෙස විකුණා රුපියල් මිලියන 60 ක් වංචා කිරීම සම්බන්ධයෙන් හිටපු උපසේවා කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කියයි.
පර්චස් 18.3 විශාලත්වයෙන් ඉඩමක් කූට ලේඛන සකස් කර සැකකරු එලෙස විකුණා ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත .
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ 3 වෙත ලද පැමිණිල්ලක් අනුව අත්අඩංගුවට ගත් සැකකරු මේ වන විට පතල් කර්මාන්තයේ යෙදෙන අතර මීට වසර 19 කට පෙර උපසේවා කොස්තාපල්වරයෙකු ලෙස සේවය කරමින් සිටියදී සේවය අතහැර ගොස් ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
53 හැවිරිදි සැකකරු පැල්මඩුල්ල හන්දුරුකන්ද පදිංචිකරුවෙකි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd