(ඩයනා උදයංගනී)
වී වගාව සඳහා අවශ්‍ය යූරියා පොහොර මෙම මස අවසන් සතියේ සිට ගොවීන්ට ලබාදීමට සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා ලංකාදීපයට පැවසීය.
යූරියා පොහොර මෙටි්‍රක් ටොන් 65,000ක් සහ බණ්ඩි පොහොර මෙටි්‍රක් ටොන් 38,500ක් කඩිනමින් ගෙන්වීමට සැලසුම් කර ඇතැයි ද ශාන්ත බණ්ඩාර මහතා කීවේය.
යූරියා පොහොර ඉන්දියානු ණය පහසුකම යටතේත්, බණ්ඩි පොහොර සැපයුම්කරුවකු හරහා කොමර්ෂල් පොහොර සමාගම මගිනුත් ගෙන්වීමට නියමිත අතර, ඒවා ගොවීන් වෙත සහන ක්‍රමයක් යටතේ ලබාදීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙවර වී වගාව සඳහා රසායනික පොහොර සමඟ කාබනික පොහොර නොමිලයේ ලබාදීම ද සිදුකරන බව කී රාජ්‍ය අමාත්‍යවරයා මේ වන විටත් කාබනික ඝන පොහොර මෙටි්‍රක් ටොන් 70,000ක් සහ කාබනික දියර පොහොර, ජෛව දියර පොහොර ලීටර ලක්‍ෂ 25 බැගින් ගොවීන් වෙත බෙදා දී ඇතැයි ද පැවසීය.
එමෙන්ම පසුගිය කන්නයේ වගාහානි සඳහා වන්දි ලබාදීම ද මෙම සතියේ ආරම්භ කරන බව කී ඇමතිවරයා මේ වන විටත් දිස්ත්‍රික්ක තුනක වගා හානි ගණනය කර අමාත්‍යාංශය වෙත එවා ඇතැයි ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ නිකන් බොරු කියන්නැතුව ඉන්න... හෙට ඔය ඇමැතිකමත් නැතිවෙන්නයි යන්නේ..
අසා ඇති දවස් කීපයකට හරි ඇමැතිකමක් දරාගෙන ඉන්න අවස්ථාවාදී දේශපාලකයෝ...
නිකං ගොන්පාට් දාන්න එපා. ගොවි මහත්තුරුන්ට වහබොන තත්වයකට පත් කරන්න එපා හරිද?
කියන්නෙම ටොන් ගණන් බොරු. කොහොමද වී ගොවීන්ට නොමිලයේ පොහොර දෙන්නේ? එක පුළුවන්ද? එතරම් ආර්ථිකය ශක්තිමත්ද? මුදල් ඇමති අලි සබ්රි කියන්නේ මේ මාස රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්නත් මුදල් නැහැ කියල. ඉතින් කොහොමද නොමිලේ දෙන්නේ? ජනාධිපතිවරණ සමයේ ඔයාගේ ජනාධිපතිත් මෙහම තමයි පච බොරුවක් කිව්වේ ගොවීන්ට නොමිලේ පොහොර දෙනවා කියල. දැන් මුදලටත් පොහොර නැහැ. මතක නේද එදා ගේ වටකරපු එක. තවත් සාපයක් අවශ්‍යද?