
(සුජිත් හේවාජුලිගේ)
රජයේ විගණන කාර්යාලයේ විගණන නිලධාරීන්ගෙන් සියයට පනහක් පමණ පමණ හිඟ වීම හේතුවෙන් විගණන විමර්ශනවලට බරපතළ බාධා මතුව ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය.
ජාතික විගණන කාර්යාලයේ සිටිය යුතු විගණන නිලධාරීන් ප්‍රමාණය 1450 කි.
දැනට මෙහි සිටින්නේ නිලධාරීන් හත්සීයක් පමණ බව පැවසේ මේ සම්බන්ධයෙන් අප රජයේ විගණකාධිපති වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේ විගණන නිලධාරින්ගේ බරපතල හිඟයක් පවතින බව පිළිගන්නා බවයි.
විගණන නිලධාරීන් බඳවා ගැනීම සඳහා පැවැත්වූ විභාගයකින් 460 දෙනෙකු තේරී ඇති බවත් ඔවුන් වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණ ලබන මස 7- 8 පැවැත්වීමට නියමිත බවත් ඔහු ප්‍රකාශ කළේය. එම පිරිස බඳවා ගත් පසු බාධාකාරී තත්ත්වය නිමා වනු ඇතැයි ජාතික විගණන කාර්යාලයේ ප්‍රධානීහු පෙන්වා දෙති.
විගණන නිලධාරීන් ලොකු පිරිසක් පසුගිය කාලයේදී උසස්වීම් ලැබ ඇති අතර මෙම පුරප්පාඩු මතුවී ඇත්තේ ඉන් පසුව බව දැනගන්නට ඇත. විගණන නිලධාරීන්ගේ හිඟය හේතුවෙන් බොහෝ විමර්ශන වලට නිලධාරීන් යොමු කිරීමේදී බරපතළ ගැටලු මතුවන බව එහි ආරංචි මාර්ග සඳහන් කළේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෑත ඉතිහාසයේ විග්‍රහ වාර්තාවලින් පැහැදිලි වන්නේ, හිතාමතාම පුරප්පාඩු පිරවීම මගහැර අති බවකි. නිසි නිලධාරින් හිටියානම් කරපු හොරකම් මෙලහකට එලි වෙලා නේද?