
(ඩයනා උදයංගනී)
ලැබූ නිදහසෙන් උපරිම ප්‍රයෝජන ලැබෙන්නේ සියලු දෙනාම රට වෙනුවෙන් තම වගකීම් ඉටු කරනවිට බවත්, වගකීම් ගැන අමතක කොට අයිතිවාසිකම් ගැන පමණක් කතාකිරීම සුදුසු නැති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
රටක් නිසි දිශානතිය කරා මෙහෙයවීමේදී රටේ සියලු දෙනාගේම සහය බලාපොරොත්තු විය නොහැකි බවත්, වෙනස් නොවන අය දෙස බලා අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සැලසුම් කර ඇති දේ අථැර දමන්නට සූදානම් නැතැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
රජයේ අරමුණ රට වෙනුවෙන් නිවැරදි දේ කිරීම මිස සියලුදෙනා සතුටු කිරීම නොවන බවද ජනාධිපතිවරයා කීවේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ 74 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේදී ජාතිය අමතා අදහස් දක්වමිනි.
අසුබවාදීන් ලෝකය වෙනස් කරන්නේ නැතැයි කී ජනාධිපතිවරයා ප්‍රශ්නයකට විසඳුමක් ඉදිරිපත් නොකොට විවේචන කරන්නට පුරුදු වී ඇති අයට අනාගතය ගැන දැක්මක් නැතැයිද ප්‍රකාශ කළේය.
දුෂ්කර කාල හැමදාමත් එකසේ පවතින්නේ නැතැයි ද කී රාජපක්ෂ මහතා එවැනි කාලවලට මුහුණදීමට ශක්තිමත් මිනිසුන් අවශ්‍ය බවත්, අන් අයව මානසිකව වට්ටන පුද්ගලයන් සමාජයට කරන්නේ උපකාරයක් නොවන බවද කිවේය.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිඟමන් යදිමු සාගින්දර නිවන්නට, එනමුත් මගේ රට ලෝකෙන් උතුම් රට... එයයි සෞභාග්‍යයේ දැක්ම...
කකුළුවා කෙලින් යන විදිය කියලා දෙනවා...
එතකොට අසුබ කරලා තියෙන්නේත් දැන් අපිමද? කොහෙන් හරි "අලි ටෝක්" එකක් උස්සන් ඇවිල්ලා කියවන එක විතරයි මුන්දෑ දන්නේ...
බොහෝ ශ්‍රී ලාංකිකයින් අකැමැති තිත්ත ඇත්ත.
අවුරුද්දේ එක් දවසක් පමණයි රටේ නිදහස සමරන්නේ. අනිත් 364 දවසම රට විකුණන්න කටයුතු කරන්නේ. මේකද දේශප්‍රේමය... ජනාධිපති විසඳුම් වෙනුවට විවේචන කරන පිළිබඳව මහ ලොකුවට කිව්වාට, කාබනික පොහොර සම්බන්ධව විෂය භාර විද්වතුන්ගේ අදහස් පැත්තකට තල්ලු කරලා, වෛද්‍ය සංගමේ ලොක්කාගේ ලණු කාලා දුප්පත් ගොවීන්ව අපහසුතාවට පත්කළා. රටේ ඡන්ද දායකයින් අවුරුදු 74ක්ම දුෂ්කර කාලයක්මයි ගත කළේ... ඒක අමුතුවෙන් කිවයුතු එකක් නොවේ. දැන් යන ගමන දිහා බැලුවත්, මේ දුෂ්කර ජීවිතයෙන් මිදෙන ලකුණු නම්, පේන්න නැහැ. මේ ප්‍රධාන පක්ෂවලින් කවදාද රට නිදහස් වෙන්නේ, අන්න එදාට තමයි සැබෑ නිදහස සහ හොඳ කාලය උදා වෙන්නෙත්...!!!
දැන් ඔක්කොම හරිද? කාර්යය සහ වගකීම?
ඒක ඇත්ත. පහුගිය රජය කිසි වගකීමක් නැතිව රසායනික පොහොර තහනම් කරලා කාබනික නාඩගමක් නටන්න ගිහින් රට නන්නත්තාර වුණා. ඒ මදිවට තව අවුරුදු දෙකක් කල් ඉල්ලුවා. ඔබතුමා වගේ වගකීමක් ඇතිව වැඩ කරන කෙනෙක් තමයි අපිට ඕනෑ.
ඒක තමයි 1940 ගණන් වල ඉඳලා වාසුලා ඇතුළු වාමාංශික නායකයින් වැඩකරන ජනතාවට ඉගැන්නුවේ. උඩට උස්සපු උදැල්ල කණිසම වැදුණානම් පොළවට නොගහා පැත්තකින් තිබ්බා. අන්තිම පස් පිඩැල්ල කැපුවේ නැහැ.
අනේ යන්න, ඔයා ඔයාගේ වගකීම ඉෂ්ඨ කරලා තියෙන්නේ...!
හොඳ කියමනක් සර්... ඔබගේ දැක්ම නිවැරදියි. අවශ්‍ය සුදුස්සන් ළංකර ගැනීමයි. 69 ලක්ෂයේ තවමත් ඔබ ගැන විශ්වාසෙන් ඉන්නේ. ආ මග කෙටියි, යා යුතු මගදුරයි... ඔහොම යමු කකුලෙන් අදින්නෝ ගානියා බැරිස්ටර්ගෙන් පටන්ගෙන නොකියා විදුලිය විසන්ධි කරන තැන දක්වාම කළේ කුමන්ත්‍රණ. ඉදිරියටහ් නානා ප්‍රකාර බිල්ලන් එනවා...
මිනීමරුවන් නිදහස් කිරිමත් වගකීමේ කොටසක්ද?
මහ කකුළුවෝ ඇදේට යන ගමන් පොඩි එවුන්ට කෙළින් යන්න කියලා දෙනවා.
වැඩ කෙසේවෙතත් කතාව නම් සුපිරියටම කවුරු හරි ලියලා තියෙනවා..
ඔබතුමාගේ සැමරීම. පාස්කු ප්‍රහාරයේ අය නිදහසේ සිටීම, මිනීමරුවන් නිදොස්කොට නිදහස් කර නිදහසේ සිටීම, ලොකු ලොකු හොරුන්ගේ නඩුවලින් ඔවුන් නිදොස්කොට නිදහස් කර නිදහසේ සිටීම, වචන වැරැදියට කතාකළා යැයි කියා ඔවුන්ව හිරේටම දමා හිරේම අවුරුදු ගණන් සිටින්නට නිදහස දීම, රටේ වටිනා ඉඩකඩම් ටික විකුණා රට නිදහස් කිරීම, කෘෂිකර්මාන්තය උඩු යටිකුරු කර ගොවියාටම පණ නසාගන්නට නිදහස දීම, මෙකී නොකී තවත් දැ තුළින්, ඔබ රටට බිහිවූ අති දක්ෂ ජනපතිවරයකි. ඔබ ජාතිය ඇමතීම අපට ලොකු ආඩම්බරයකි, අභිමානයකි.
අති විශිෂ්ඨ කතාවක්. පසුගාමී විපක්ෂටත්, එහි අනුගාමික කමෙන්ට් කොටන්නන්ටත් කණට ගැහුවා වගේ. ඒ විතරක් නෙවෙයි ආණ්ඩු පක්ෂයේ ඉන්න වැඩ නොකරන නිකමුන්ටත් ඉගෙන ගන්නවා නම් හොඳ කතාවක්. ක්‍රියාත්මක තලයේදී, රටට අවගමනයම පතන, වගකීම් නොව අයිතිවාසිකම් ඉල්ලන පිරිස බලසම්පන්නයි. රෙඩ් ටේප් එමටයි. එම නිසා ජනාධිපතිතුමනි, ගමන ටිකක් අමාරුයි. ඒත්, පසු නොබා ඉදිරියටම යමු.
ජනතාව අසරණ කර වගකීම් ගැන අමතක කොට අයිතිවාසිකම් ගැන පමණක් කතාකිරීම ඒකාබද්ධ සංගම්වලට තිබෙන එකම හැකියාව...!
අම්මපා...!
ලියා දීපු වචන විතරයි.. තේරුමවත් හිතට ගන්නේ නැතුව ඔහේ සැඟවුණු කියවන බනුව බලාගෙන කියවනවා. අර ඊයේ, පෙරේදා දාපු තද කටහඬ මේ පාරත් දාලා අවුල් කරගන්න එපා කිව්වේ ශුදේවද? කින්ස්ලිද...?
නන්දසේන, ඔබට මේක කරන්න බෑ.. කරුණාකරලා ඉක්මනට ඡන්දයක් තියන්න...
අනේද කියන්නේ? ඕක අපිට වෙන්න ඇති කියන්නේ... නේද?" ඔවා දෙනු පරහට, තමා සම්මතයේ පිහිටා සිට " ...
අපිත් ඔබට මෙසේ කියනවා..! නැගෙනහිර ප්‍රහාරයේ මහමොලකරුව හෙළිකරන්න..!
සර්ව සුබවාදී කතාවක්...!
ඉස්සෙල්ලා තමුන්ගේ වගකීම හරියට කරා නම් හොඳයි.. රටක ජනාධිපති කෙනෙක්ගේ වගකීම තමුන්ගේ හෙන්චයියන් දාලා විරුද්ධ පක්ෂවලට බිත්තර ගැහීමද?
අයියෝ සල්ලි... මෙන්න මෙයාගේ වගකීම කියලා දීපල්ලා කවුරුහරි...
මේ සම්බන්ධව නීතිවේදී භාරත තෙන්නකෝන් මහතා විසින් " මෝටිවේශන් අප්පච්චි " යනුවෙන් වීඩියෝවක් යූටියුබ් එකේ විකාශය කොට තිබෙනවා. ඉතා හොඳ විග්‍රහයක්...!
වගකීම් අමතක කොට නිදහස් උත්සවවල කතා කිරීමත් සුදුසු නෑ..
සෑම ශ්‍රී ලාංකිකයෙකුටම යථාර්ථය තේරුම් අරගෙන යමක් විග්‍රහාත්මකව සිතන්නට පොළඹවන කතාවක්...
අපරාදේ කියන්න බෑ. වැඩ බැරි වුණාට කතාව නම් කවුරු හරි සුපිරියටම ලියලා දෙනවා.
මෙහෙමත් මිනිස්සු..!
කාලයක් පුද්ගලික ගුවන් විදුලි සේවයේ ඉඳන් පවුල් පාලනේ අයව විවේචනය කරපු කෙනා දැන් ගෝඨාට හේත්තු වෙලා. කතාව නියමෙට ලියලා දීලා.. 69 ලක්ෂයක් ජනතාවට බොරු පොරොන්දු දීලා රවට්ටපු කෙනා වගකීම්, අයිතිවාසිකම් ගැන කතාකිරීමත් විහිළුවක්...!
සියලුම නඩුවලින් නිදහස් කිරීමත්, ඔබතුමාගේ වගකීමේ කොටසක් වෙන්න ඇති...
මට පේන්නේ ලොක්කගේ ප්‍රවෘත්තිවලට විරුද්ධ අදහස් කියන අයට අකැමැත්ත පලකරන්න මුදල් ගෙවා යොදවපු කාලකණ්ණි හරක් ටිකක් ඉන්නවා. පුන්නක්කු කන නිසා රටේ ප්‍රශ්නවත්, රටේ හානියවත්, ආර්ථික හානියවත්, අදාළ නැතිව ඇති.
මැතිවරණ පොරොන්දු අමතක කරලා පිස්සු කෙලින එකා ගැනද ඔය කිවුවේ ?