
(රංජිත් රාජපක්ෂ)
අනාරක්ෂිත වගා ළිදකට වැටි පාසල් සිසුවෙක් ජිවිතක්ෂයට පත් වි ඇති බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.
මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ බගවන්තලාව බ්‍රිඩ්වෙල් වතු යායේ පදිංචි බගවන්තලාව සෙන් මේරිස් ජාතික පාසලේ 13 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි භාරත් දර්ශන් නැමති (18) හැවිරිදි පාසල් සිසුවෙකි.
බගවන්තලාව සෙන් මේරිස් ජාතික පාසල් ක්‍රිඩාංගණයේ (13) දින පැවති ක්‍රිකට් තරගාවලියක් නැරඹිමට යන බව දෙමව්පියන්ට පවසා ඇති මිය ගිය සිසුවා නිවසට නොපැමිණි නිසා මව්පියන් සිසුවා සොයා ඇත.
ක්‍රිකට් තරගාවලිය නැරඹිමට භාරත් දර්ශන් නොපැමිණි බවට ඔහුගේ මිතුරන් විසින් දෙමව්පියන් වෙත දැනුම් දිමෙන් පසු නිවස අවට දරුවා සොයා සිදු කළ මෙහෙයුමකදි නිවසට ආසන්නයේ පිහිටි භාවිතයට නොගන්නා අඩි 6 ½ පමණ ගැඹුරකින් යුත් වගා ළිදක හිස පහලට පාදයන් ඉහලට සිටින සේ සිරුර දැක තිබේ.
සිද්ධිය පිළිබඳව බගවන්තලාව පරීක්ෂණ පොලීසිය පරීක්ෂණ පවත්වයි



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔලුව පහළට හිටින්න සහ කකුල් දෙක උඩ තියෙන්න මලසිරුර හමුබ වුණා කියන්නේ සැකයකට තුඩු දෙන මරණයක් ... කවුරු හරි දරුවව උස්සලා විසිකළාවත්ද? ඔලුව මැද හිරවෙන විදිහට...මිනීමරුවෙක් වත්ද? පව්, තරුණ ජීවිතයක්.. ඔහුට නිවන් සුව පතමි...