
(ජේ.ඉඳුරුවගේ )
ශ්‍රී ලංකාව තුළ රිළවා,ඉත්තෑවා,වල් ඌරා,මොනරා ආදී වන සතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීම සඳහා මහජන අදහස් ලබා ගැනීමේ වැඩ පිළිවෙළක් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ආරම්භ කර තිබේ.
මෙම වන සතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීමට වන සතුන් පලවා හැරීමේ ක්‍රමවේද ලෙස දැනට අමාත්‍යාංශය හා අදාළ ආයතන මගින් වායු රයිපල් භාවිතය හා ආරක්ෂිත වැටවල් යෙදීම වැනි ක්‍රම මෙන්ම රිළා ගහනය පාලනය කිරීමට අලුතින් රිළා ව්‍යන්ද්‍යාකරණය ක්‍රියාත්මක කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
නමුත් මෙමගින් වගා හානිවල අඩුවීමක් දක්නට නොමැති හෙයින් වන සතුන් පාලනය සම්බන්ධයෙන්
එම ක්‍රමවේදවලට අමතරව වෙනත් ක්‍රම හෝ අදහස් ඇතොත් ඒවා කෙටි ව්‍යාපෘති යෝජනා ලෙස සකසා මෙම දෙසැම්බර් 28 ට පෙර [email protected] විද්‍යුත් තැපැල් ලිපිනයට හෝ 0770440590 දරන වට්ස් ඇප් අංකයට යොමු කරන මෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය මෙරට විද්වතුන් ,පරිසරවේදීන් ඇතුළු සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳ අදහසක්... වනසතුන් එක්ක එකට ජිවත් වෙලා උන්ගේ හොඳටම බැට කලා අත්දැකිම් ලබපු ලබන පිරිසක් තමයා ගොවි ජනතාව
බුද්ධාගම සිහිකරමින් කෘෂිකර්මය කරන්න බැරිබව තේරෙනවා නේද? අධික රිලා ඉත්තෑ වල්ඌරු දඬුලේන් ගහනයට හේතුව කලකට ඉහත ගම්බදව සිටි සුළු පරිමාණ දඩයක්කරුවන් දැන් නැතිවීම. පරිසර තුලනය නැතිව ගිහිල්ලා. මේ සතුන් කොටසක් ඉවත්කර දැමීම අත්‍යාවශ්‍ය දෙයක්. ඕස්ට්‍රේලියාව කලින් කලට කැන්ගරු සහ හාවුන් දඩයම් කර ගහනය පාලනය කරනවා. ඒක අපිටත් කරන්න වෙනවා.
අපි කෑගල්ලේ, බුලත්කොහුපිටියේ. ගම්වල ගෙවල් වල වහලවල් වල සිට කඩලා, ගෙවල් වලට ඇවිත් කෑම ඔක්කොම කනවා.. මිනිස්සුන්ගේ කන්න පනිනවා. රිලව් වැඩ කරලා ඉවර කරන්න බැහැ. මරලා දාන්න ඕනෑ. නැත්නම් මිනිස්සු නැති දූපතක් හොයලා ගිහින් දාන්න ඕනෑ.