(ඩයනා උදයංගනී)
කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා ඇඳිරිනීතිය පැනවීමේ තීන්දුවක් ගන්නේ ඒ සඳහා අත්‍යාවශ්‍යම තත්වයක් ඇතිවුවහොත් පමණක් බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද (10) පැවසීය.
ලොකයේ පවතින තත්වය අනුව එසේ කරන්නේ නැතැයි කිව නොහැකි බව කී අමාත්‍යවරයා එම තීන්දුවට යන්නේ අවසාන විකල්පය ලෙස බව ද සඳහන් කළේය.
අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
සෞඛ්‍ය අංශවලින් සිදුකරන කොරෝනා පාලන කටයුතුවලට සියලු සහය ලබාදෙන බව කී ඇමතිවරයා වර්තමානයේ ජනතාව ද ඉතා වගකීමෙන් කටයුතු කළ යුතුව ඇතැයි සඳහන් කළේය.
කොරෝනා පාලනයට ඇති හොඳම විසඳුම එන්නත්කරණය බව කී රඹුක්වැල්ල මහතා මෙරට 18ට වැඩි සියලු දෙනාට එන්නත්දීමේ ඉලක්කයක් ඇතැයි ද ප්‍රකාශ කළේය.
සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මෙහිදී පැවසුවේ සංචරණ සීමා ආදී කරුණු සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ ඉදිරිපත් කරන නිර්දේශ පිළිගැනීමට රජය නිරතුරුව සූදානමින් සිටින බවයි.
රට වැසීම අවස්ථා කිහිපයක දී කර ඇතත් අවස්ථාවලින් පසු රෝගය වර්ධනයවීම සිදුව ඇතැයි කී ඇමතිවරයා ලෝකයේ සීමාකිරීම් රාශියකින් පසු නිදහස ඉල්ලා උද්ඝෝෂණ ඇතිවූ අවස්ථාත් ඇතැයි සඳහන් කළේය.
මහජන ඒකරාශීවීම් වළකමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමේ සූදානමක් ඇත්දැයි මෙහිදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දුන් ඇමතිවරයා පැවසුවේ එසේ කරන්නේ නම් එහි අරමුණ කොරෝනා වසංගතය පාලනය කිරීම බවයි.
ගැසට් නිවේදන කාලීන අවශ්‍යතා මත වෙනස් වන බව කී ඇමතිවරයා එසේ කිරීමක් වන්නෛ් නම් සෞඛ්‍ය හේතු විනා වෙනත් හේතුවක් නැතැයි ද කීවේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහතැනටම හරියන ගෝලයෝ රොත්ත... තව මැරෙනවා මදි ඇති. ආර්ථිකේ ගොඩනගන හැටි බලමුකෝ. විෂය දැනුම ඇති මිනිස්සු සංඛ්‍යාත්මකව, විද්‍යානුකූලව ඒ ගැන ඉල්ලිම් කරද්දී තව ගොඩ ගහනවලා මිනී කඳු. බලන් යනකොට ඉහළ ඉඳලා පහළට කැබිනට් එකේ ඉන්නේ පුදුම විශේෂඥයින් පිරිසක්නේ...
මුලින්ම කරන්න ඕනෑ දේ අවසාන විකල්පය ලෙස හිතන් ඉන්න අයට මොන වසංගත පාලනයක්ද? අතීසාරෙට අමුඩේ මාරු කරනවා විතරයි. ලෙඩේ තවමත් වැඩිවෙනවා. මහ ජනතාව වැරැදියි තමයි. ඒ ඉතා සුළු පිරිසක්. දොස්තරලත් මැරෙන්නේ නොසැලකිලිමත්කම නිසා කියන්න බෑනේ... වැරැද්දක් වෙනකොට මහජනතාව පිටින් යවන්න නම් රටකට පාලකයින් ඕනෑ වෙන්නේ නෑ.
විකල්පයක් අපේ දේශීය වෛද්‍යවරු කිව්වා... කෝ ඇහුවද? බටහිර වෙදකමට කොහොමත් විකල්පයක් නෑ. රට වහනවා කියන්නේ විරුද්ධ පක්ෂයට බලය ගන්න පහසුකම් සැලැස්වීම... ස්තුතියි..!!!
මහසෙන් වෙන්න ඇති පඩි ගෙවලා කන්න බොන්න දෙන්නේ මිනිස්සුන්ට... එන්නත් කරණය 24 පැයේ රෝහල්වල කරන්න බැහැ. හැබැයි රට වහන්න නම් කියනවා.
තව පොඩ්ඩක් සමාජගත වුණාට පස්සේ වහමු. නැතිනම් පාස්කු ප්‍රහාරය එළියට ඇදලා මේක වහමු.
අපේ පාලකයෝ රට වහන්න ඕනෑ වෙලාවට අරිනවා. අරින්න ඕනෑ වෙලාවට වහනවා.
මීට වැඩිය අත්‍යාවශ්‍ය මොහොතක් තව කොහේද?
මැරෙන එවුන් කොහොමත් මැරෙනවා යුද්දේ කාලෙත් ඔයිට වඩා මරුනේ රට වහන්නේ නැතිව .දැන් රට වහන්න ඕනේ නැහැ