
නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට ඒ මහතා 81 වන වියේ පසුවිය.ඒ මහතා අද (25) අලුයම අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ආරංචිමාර්ග කියයි.
ඔහු 1943 මාර්තු 8 වැනිදා ලුණුගල ප්‍රදේශයේ උපත ලබා ඇති ඒ මහතා මතුගම ආනන්ද විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබීය. ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ද්විතීයික අධ්‍යාපනය ලබා ඇත.
විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ පළමු පන්තියේ සාමාර්ථයක් ලබා ගැනීමටද ඔහු සමත් විය. එමෙන්ම ඒ මහතා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ඉගෙනීම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වයක් ලබා 1970 දී ආචාර්ය උපාධියක් ලබා ගත්තේය.
පසුව වික්‍රමබාහු කරුණාරත්න ශ්‍රී ලංකාවට පැමිණ ශාස්ත්‍රීය ජීවිතයක් ආරම්භ කළ අතර ඔහු වාමාංශික දේශපාලනයේ ද ප්‍රබල ක්‍රියාකාරිකයෙකි.
COMMENTS
අම්මෝ මේ අර ඩොලර් වලට කහපු කෙනා නේද ?
රටට ජාතියට සම්බුදු සසුනට ගරහමින් හිටිය තවත් පන්ච උපාදනස්කන්ධයක නික්ම යෑම.
මා දන්නා විදියට ඔහු බොහොම හොඳ මනුස්සයෙක් .ඔබට නිවන් සුව පතමි
දේශපාලනේ නියැළුනා, අර පක්ෂයට ගියා, මේ පක්ෂයට ආවා, තව පක්ෂයක් හැදුවා, කෑ ගැහුවා, අහන්න කවුරුවකුත් හිටියේ නැහැ. තනතුරු තානාන්තර වරදාන ලැබුණෙත් නැහැ, අන්තිමට....... නියත ඉරණම අත්වුණා. අපටත් මෙහෙම තමා. ඔබතුමාට නිවන් සුව!
ඩොලර් වලට ඕන දෙයක් කරන මිනිස්සු ... ඔබට නිවන් සුව... ශ්‍රීලංකාවට සෙතක් තමා
මම ඔහුගේ ප්‍රඥාවට ගරු කරන නමුත්, ඔහුගේ ප්‍රඥාවෙන් රටටත් ඔහුටත් පලක් නැත. කේම්බ්‍රිජ් හි ආචාර්ය උපාධියක් කියවීමට ඔහුට පොදුරාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වයක් පිරිනැමීම මුළුමනින්ම නාස්තියකි
බොහෝ දෙනකු අනුමත නොකරපු දේශපාලනයේ නිරත වූ ඔබ ස්ථිර අධිෂ්ඨානයෙන් හිටියා ... ඔබට නිවන් සුව ලැබේවා !
ඔබට නිවන් සුව පතමි
මොහු ගේ දේශපාලන මතය ට මුවා වී, JR විසින් මොහුගේ දැනුම, ඉංජිනේරු ශිෂ්‍යයන්ට ලබාදීමට තිබු අවකාශය නැති කෙරුවා.. ඒ දැනුමෙන් සිසු පරපුරට වැඩක් ගන්න දුන්නේ නැහැ... හේතුව, මොහු විශ්ව විද්‍යාලයේ සිටියොත් JR ගේ දේශපාලන ගමනට පහරක් එල්ලවෙයි කියන බියෙන් ...
ඔහුගේ උගත්කම පුදුමයි! ඔහු සැබෑ විද්වතෙකි. එවැනි උගතුන් රටකට විරලයි. මහාචාර්යවරයෙකු වුවත් ඒ බව වැඩිමනත් ඇගෙවුවේ නැත; ඔහුගේ පසු කාලීන දේශපාලන ගමන් මඟ, ලාංකීය දේශපාලන අතීත උරුමය සහ බෞද්ධ සංකෘතික, දේශපාලන උරුමය නිසි ලෙස ඔහුගේ විඥානය ස්පර්ෂ නොකෙරිණි. විසංවාදයට භාජනය කරයි. මෙය ඔහුට සහ ඔහුගෙන් මේ රටට ගතහැකිව තිබූ ප්‍රයෝජයනය හීන කෙරිණි. එය නොවිය යුත්තක් වුවත් එසේ සිදු වීම ඔහුට සහ මේ රටට පඩුවක් විය. අපට සිතෙන පරිදි ඔහු දේශපාලනයෙන් හරි හම්බ කර ගත් දෙයක් නැති තරම්.. ඔහු මේ රටේ බිහි වූ ඩී.ජේ. විමලසුරේන්ද්‍ර, සේනක බිබිලේ යන විද්වතුන් මෙන් මානසික ශක්තියක් පෙන්නුම් කළ හැකියාව තිබූ පුද්ගලයෙකු බව පෙහැදිලි ය. දැන් මේ භවයේ ගමන අවසාන වී ඇත. නිවන් සුව අත්වේවා!
ඕනෑම දෙයක් ඕනවට වැඩිය ඕන නෑ කියන්න හොඳම උදාහරණයක් .නිවන් සුව ලැබේවා
නිකන් බොරුවට මොකටද "නිවන් සුව පතන්නේ "ඉන්නකම් බුද්ධ ශාසනයටයි ,බුද්ධ සංස්කෘතියටයි බැන්න කෙනාට
ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා ගේ අභාවය ශ්‍රී ලංකාවේ තවත් දේශපාලන පරිච්චේදයක නිම වීමකි. ඔහු ලැබ ප්‍රයෝජන උදෙසා දේශපාලනය නොකළ අතර ඔහු විස්වාශ කල අරමුණ වෙනුවෙන් කැපවුණු දේශපාලඥයෙකු විය. සත්‍යය සහ යුක්තිය වෙනුවෙන් පෙනී සිටින මිනිසුන් නිතරම ලෝකයේ ගල් මුල්, නින්දා අපහාස වලට ගොදුරු වීම මේ ලෝකයේ ස්වභාවය වන අතර ඔහු එයින් කිසි දිනෙක කම්පා නොවීය. ඔහු උගතෙක්, විද්වතෙක් වුවත් මේ රට ඔහුගෙන් වැඩක් ගත්තේ නැත. ඔහු විශ්ව විද්‍යාලයෙන් පන්නා දැමුවේ ඔහු විරුද්ධ මත දරන්නෙක් වීම නිසා බව දන්නෝ නම් අල්පය. කිසිවෙකුට අවශ්‍ය පරිද තවත් කිසිවෙකු කිසිම ආගමකට හෝ දේශපාලන මතවාදයකට මෙන්ම ජාතියකටද අවශ්‍ය ආකාරයට හැසිරිය යුතු වන්නේ නැත. කොන්දක් නැති, කුහක දේශපාලන මත දරන, පල් මෝඩයන් වික්‍රමබාහු කරුණාරත්න නම් සැබෑ මිනිසා ගැන නොදැන බැටළුවන් මෙන් කෙඳිරි ගෑම ගැන යහපත් මිනිසුන් සිනා වීම හැර වෙන කිව යුතු දෙයක් නැත. ඔහු සැබෑ මානව හිතවාදියෙක් විය. වික්‍රමබාහු නම් කරුණාරත්න නම් මිනිසා ගේ මානව දයාව හේතුවෙන් ඔහුට විශ්ව සාධාරණත්වය දිනෙක හිමිවීම නියතය. මහතාණෙනි, ඔබට සුබ ගමන්.
තම මතය වෙනුවෙන් පෙනී සිටියා. වාසි පැත්තට හෝයියා කිවුවේ නැහැ. නමුත් අපගේ සමාජයට මෙවැන්නන් වැඩක් නැති අය. අවශ්‍ය වන්නේ කොහොමහරි භෞතිකව පෙන්නමින් යම් ආර්ථික වාසියක් ලබා දෙන අයයි. ඒ අතින් බාහු ෆේල් .
ඉස්ටයිල් සමාජවාදියා.
වික්‍රමභාහු කරුණාරත්න කියන්නේ ගොවි, කම්කරු, ශිෂ්‍ය සටන් ව්‍යාපාරයේ පතාක යෝධයෙක්. ඒ නිසාම 1978 ඉඳන් වැඩි කාලයක් හිටියේ හිරේ නැත්නම් ඉස්පිරිතාලේ නැත්නම් හැංගිලා. ලංකා සම සමාජ පක්ෂෙන් ඉවත්වෙලා වාසුදේව සමග නව ලංකා සම සමාජ පක්ෂය පිහිටුවාගෙන සැබෑ වාමාංශිකයෙක් ලෙස සටන් කළා. 80 ජූලි වැඩ වර්ජනයටත් නායකත්වය දුන්නා. එයින් රැකියාව අහිමි වුණත් සටන් අත් හැරියේ නෑ. පසුව 1983 දී පක්ෂ තහනමේදී සැඟවී විට බාර වෙලා හිරෙත් ගිහින් ආවා. පසුව විජය කුමාරතුංග මහතාගේ වේගවත් වාමාංශික දේශපාලනය සමග සන්ධානයක් ලෙස එකතු වෙලා වමේ එකමුතුව සමග සටන මෙහෙයවූවා. 87-89 වකවානුවේදී ඉන්දු-ලංකා ගිවිසුම සහ බලය බෙදීම පිළිගත් නිසා ජේවීපී එකේ මරණ ලැයිස්තුවට වැටුණත් එයින් පසුබට නොවී පළාත් සභාවටත් ඉල්ලලා දිනුවා. ජේවීපී එක විසින් විජය ඝාතනය කළාට පසුව සහ ඒ වාමාංශික පෙරමුණේ අනෙකුත් නායකයින් සහ සාමාජිකයින්, පළාත් සභා මන්ත්‍රීවරුන් එකා පිට එකා ඝාතනය කළත් ජේවීපී එක සමග ගේම ඉල්ලපු එඩිතර නායකයෙක්. විජයගේ අවමගුල් උත්සවයේදී වෙඩි වරුසා පිට වරුසා ආවත්, බෝම්බ වරුසා පිට වරුසා ආවත්, අපිව කෑලි කෑලි වලට කැපුවත් මේ ගමන යන බව ස්ථීරයි කියමින් ඉතා වේගවත් කතාවක් කිව්වා...