(නිමල් ජයරත්න)

මඩකලපුව කෝරළේ පත්තුතුර වාකරේ ප්‍රාදේශීය කොට්ඨාසයට අයත් ගම්මාන වල පරිපාලන කටයුතු ඕටමාවඩි කෝරළේ පත්තු මධ්‍යම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට  පවරාදීමට ගෙන තිබෙන තීරණයට එරෙහිව පූනානි ගම්මාන හයක ජනතාව  පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගය ප්‍රදේශයෙන් අවහිර කර උද්ඝෝෂණයක නිරත වූහ.

මඩකලපුව දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී,කල්කුඩා සිරි සීලාලංකාර පිරිවෙනේ පරිවේණාධිපති දේවගල දේවාලංකාර නාහිමියන් එක්ව පැවැති මෙම විරෝධතාවය අසලින් මඩකලපුව අතිරේක දිස්ත්‍රික්ක ලේකම් රංජනී මුහන්දම් මහත්මිය ගමන්ගත් රථයට  විරෝධතාකරුවන් බාධා කළේය. 

අතිරේක ලේකම්වරිය කෝරළේ පත්තු උතුර වකාකරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පරිපාලන කටයුතු ඕටමාවඩි කෝරළේ පත්තු මධ්‍යම ප්‍රාදේශීය ලේකම් කාර්යාලට පවරා ගැනීම පිළිබඳ කරුණු සොයා බැලීමට යන අතරවාරයේදී විරෝධතාකරුවන් පැයක පමණ කාලයක් විරෝධතාකරුවන්  කොටු කර ගැනීමත් සමග උණුසුම් කාරී තත්වයක් ඇති විය.

විරෝධතාකරුවන්ගේ ඉල්ලීම්වලට සාධාරණ විසඳුමක් ලබා නොදුනහොත් රජය ගෙන ඇති ක්‍රියා මාර්ගයට එරෙහිව නැගෙනහිර පළාතේ සියලු ජනතාව ඒකරාශී කර මීට වඩා දැඩි ක්‍රියා ක්‍රියාමාර්ග ගන්නා බව මඩකලපුව දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී දේවගල දේවාලංකාර නාහිමියන් සඳහන් කළේය.