IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


විකිණු වාහනයට ලෝබ සිතී යළි උස්සලා

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)


විකිණූ වාහනයට ලෝබ සිතී අලෙවියෙන් මාස දෙකකට පසුව හොර රහසේ පැමිණ රුපියල් ලක්ෂ දහ  අටක් පමණ වටිනා  වෑන් රථයක් සොරාගෙන පලාගිය එහි මුල් හිමිකරු අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බෙලිහුල් ඔය ප්‍රදේශයේ පදිංචි (52) හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි .

මෙම පුද්ගලයා මීට මාස කිහිපයකට පෙර තමාට අයත් වෑන් රථයක් රුපියල් ලක්ෂ  18 මුදලකට අතුරුගිරිය හොරහේන ප්‍රදේශයේ  පෞද්ගලික  බස් රථ හිමිකරුවෙකුට අළෙවි කර තිබේ.

එහෙත් මාස කිගිපයක් යද්දී සිය වෑන් රථය අලෙවි කිරීම පිළිබඳ ලෝභ සිතක් පහළ වූ සැකකරු මීට දින කිහිපයකට පෙර රාත්‍රී කාලයේ වෑන් රථය මිලදී ගත් ව්‍යාපාරිකයා පදිංචි  අතුරුගිරිය හොරහේන ප්‍රදේශයට යතුරු පැදියකින් පැමිණ එහි අතුරු මාර්ගයක යතුරුපැදිය සඟවා බස්රථ ව්‍යාපාරිකයාගේ නිවසට ඇතුළු වේ මෙසේ වෑන් රථය සොරාගෙන පළාගොස් තිබුණි .

පසුදා උදෑසන අවදි වී බලද්දි  වෑන් රථය  අස්ථානගත වී ඇති අයුරු දැක ඒ පිළිබඳව අතුරුගිරිය පොලිසියේ සිදු කළ  පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරීන් පැමිණ නිවෙස අවට සවිකර තිබූ ආරක්ෂිත කැමරා පරීක්ෂා කිරීමේදී කිසියම් පුද්ගලයකු යතුරුපැදියකින්  පැමිණ එය ව්‍යාපාරිකයාගේ නිවසට යාබද  අතුරු මාර්ගයක සගවා  වෑන් රථය මෙසේ සොරා ගෙන යන අයුරු දැක තිබේ.

ඒ අනුව සගවා තිබු යතුරු පැදිය රැගෙන යාමට යළි  සැකකරු  පැමිණෙනු ඇතැයි විශ්වාස කළ පොලීසිය ඒ අවට ආවේක්ෂණ රාජකාරියෙන් පොලිස් නිලධාරීන් යොදවා රැකවලා සිටියදී  යතුරු පැදිය රැගෙන යාමට  සැකකරු පැමිණි අවස්ථාවේදී  අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි .

සුව සැකකරුගෙන් ලද තොරතුරකට අනුව සොරා ගත් වෑන් රථය බෙලිහුල් ඔය ප්‍රදේශයේ පාළු  වත්තක සඟවා තිබී සොයාගෙන තිබේ.

එහිදී සැකකරු පොලීසියට  පවසා ඇත්තේ " අනේ සර් මම ගොඩක් ආදරයෙන් රැක බලාගත්තු වාහනයක් මේක. සල්ලි ප්‍රශ්නයක් නිසා විකිණුවේ. නමුත් මට ලෝභ හිතුණා වාහනය විකුනපු එකට. ඒ නිසයි මම අරගෙන ගියේ " යනුවෙන් පවසා තිබේ.



අදහස් (0)

විකිණු වාහනයට ලෝබ සිතී යළි උස්සලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 132 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site