
(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
කෘතහස්ත මාධ්‍යවේදීයකු මෙන්ම දේශපාලන විශ්ලේෂකයකු වූ අභාවප්‍රාප්ත වික්ටර් අයිවන් මහතාගේ අවසන් කටයුතු විශාල පිරිසකගේ සෝ සුසුම්න් මැද දඩල්ල ආදාහනාගාරයේදි අද සිදුකෙරිණි.
කරාපිටියේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබූ දේහය පිලිබඳ අවසන් කටයුතු ඒ මහතාගේ අවසන් කැමැත්ත මත කිසිදු ආගමික චාරිත්‍ර හෝ ගුණ කථනයන්ගෙන් තොරව සිදුවිය.
පැමිණ සිටි පිරිසට ස්තුති කිරීමේ කථාවක් පමණක් අයිවන් මහතාගේ මහතාගේ පවුලේ ඥාතියකු වූ තිස්ස ද සිල්වා මහතා විසින් සිදුකරනු ලැබීය.
හිටපු කථා නායකවරයකු වු කරූ ජයසුරිය මහතා ඇතුළු දේශපාලනඥයන් , මාධ්‍ය කේෂත්‍රයේ දැවැන්තයන්, මාධ්‍යවේදීන්, ඇතුළු විශාල පිරිසක් අභාවප්‍රාප්ත වික්ටර් අයිවන් මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණ සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මෙතුමාට අවසාන ගෞරව දැක්වූවා. දේහය අසල අන්තිම කැමැත්ත සඳහන් සටහනක් ප්‍රදර්ශනයට තබා තිබුණා. කිසිඳු ආගමික චාරිත්‍ර පසුව හෝ නොකරන ලෙසත් පැය 24 ක් තුළ අවසාන කටයුතු ප්‍රචාරයෙන් තොරව සිදු නොකරන ලෙසත් එහි දක්වා තිබුණා...
සෙනවිරත්න තමයි හෝදලා තියෙන්නේ
සෙනවිරත්න හැමතැනම හෝදනවා
නිවන් සුව ලැබේවා
නොකියාම බැහැ . මෙයා ලංකාවේ පුරෝගාමී ත්‍රස්තවාදියෙක් බව මේගොල්ලගේ සුරංගනා කතා අහලා පන නැති කරගත්ත ලාමකයන් දැන් මුණ ගැහේවි .
මට පුදුම මම අවසාන ගෞරවය දැක්වීම සහ එතන තිබූ සටහන කියවීම ගැන ඩිස් ලයික් ඇයිද කියල? මම ඉන්න ප්‍රදේශයේ නිසාත් කාලයක් එතුමා සමාජයේ යහපත් අදහස් ඇතිව සිටි නිසායි එසේ කලේ. හේදිල්ලක් නැහැ මළ ගිය කෙනෙක්