(නිමන්ති රණසිංහ)
නීතිවිරෝධී අයුරින් දිළිඳු පවුල්වල පුද්ගලයන්ගේ වකුගඩු ලබාගනිමින් ඡාවාරමක් සිදුකළැයි කියන බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලේ සිදුකළ වකුගඩු සැත්කම්වලට අදාළ ගොනු සියල්ල සිය භාරයට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය අද (13) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මියට කරුණු වාර්තා කළේය.
මෙම සිද්ධියට අදාළව සිදුකරන විමර්ශණ මෙතෙක් අවසන්ව නොමැති බවත්, වකුගඩු ප්‍රදානය කළ අයවලුන්ගේ ප්‍රකාශ ඇතු`ථ තවත් ප්‍රකාශ කිහිපයක් ලබාගත යුතුව ඇති බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණ අද (13) අධිකරණය හමුවේ යලි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් වූ අතර, හදුනාගැනීමේ පෙරට්ටුවක් සදහා රක්ෂිත භාරයට පත්කර සිටි සැකකරු ද බන්ධනාගාරයෙන් අධිකරණට ඉදිරිපත් කර තිබිණී.
හදුනාගැනීමේ පෙරට්ටුවට අදාළ සාක්ෂිකරුවන් හය දෙනාගෙන් පස් දෙනකු අසනීප තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් එම පෙරට්ටුව කල් තබන ලෙසට මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලීය.
ඒ අනුව මෙම සිද්ධියේ හදුනා ගැනීමේ පෙරට්ටුව ලබන 03 වැනිදා පැවැත්වීමටත් සැකකරු ලබන 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් අධිකරණය නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට කොහෙන් හිනා වෙන්න ද මන්දා. වෙන රටවල නම් මුලින්ම කරන්නේ ඕක. මෙහෙ කල් දීල වගේ අල්ලන්නේ.
කොහොමද දෙවිවරු කියල ගරුකරන වෛද්‍ය මහාචාර්ය කෙනෙක් මාරයෙක් වෙලා තියෙන රඟ..