IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


වී සහතික මිල ඉක්මණින් ඉල්ලයි

(යොහාන් භාසුර)

වී ඇස්වැන්න පෞද්ගලික ව්‍යාපාරිකයන් කුණුකොල්ලට ගැනීමෙන් පසුව ආණ්ඩුව වීවලට මිලක් තීරණය කිරීමෙන් ඵලක් නොමැති බවත් ආණ්ඩුව හැකි ඉක්මණින් වී සඳහා සාධාරණ මිලක් ඉදිරිපත් කළ යුතු බවත් ගොවි සංවිධාන පවසයි.

වීවලට සාධාරණ මිලක් නොදුන හොත් ගෝඨාභය මහත්මයාගේ කාලයේ මෙන් හතු පිපෙනවා මෙන් පාරවල්වල ජනතාව පිරෙනු ඇති බවත් එදාට ආණ්ඩුවට පොලියත් සමඟ උත්තර දීමට සිදුවනු ඇති බවත් ගොවි සංවිධානය සඳහන් කළේය.

නැගෙනහිර සහ උතුරු මැද පළාතේ බොහෝ ස්ථානවල මහ කන්නයේ වී අස්වැන්න නෙලීම ආරම්භ කර පෞද්ගලික ව්‍යාපාරිකයන් වී කිලෝවක් රුපියල් 95 ට 100 ට මිලදී ගනිමින් සිටින බවත් එම මිලට වී අළෙවි කිරීමෙන් ගෙවීන්ට වියදම හෝ ආවරණය කරගැනීමේ හැකියාව නොමැති බවත් ගොවි සංවිධාන සඳහන් කරයි.

පෞද්ගලික ව්‍යාපාරිකයන් කුණුකොල්ලයට වී මිලදී ගැනිමෛන් පසුව ආණ්ඩුව වී සඳහා සහතික මිලක් පැනවීමෙන් ඵලක් නොමැති බව කියන ගොවි සංවිධාන ඒ සඳහා ආණ්ඩුව මීට වඩා කාර්යක්‍ෂම වියයුතු බව ද සඳහන් කරයි.

ගොවි අරගල ව්‍යාපාරයේ දිස්ත්‍රික් සංවිධායක පී. කේ. ඩී. විජේරත්න මහතා පැවසුවේ පෞද්ගලික ව්‍යාපාරිකයන් ගොවීන් ළගට ගොස් වී තුට්ටු දෙකට ගනිමින් සිටින බවත් අඩු මුලි වී ගත්ත ද ඔවුන් හාල් කිලෝවක් රුපියල් 230 ට අළෙවි නොකරන බවත්ය.

වී කිලෝවක මිල කඩිනමින් තී්රණය කළ යුතු බවත් අවම වශයෙන් වී තිලෝවක මිල රුපියල් 120 ක ඉක්මවිය යුතු බව කී විජේරත්න මහතා එවැනි මිලක් ලැබුණොත් පමණක් ගොවියාට සාධාරණයක් වන බව ද කීය.

පෞද්ගලික ව්‍යාපාරිකයන් වී මිලදීගත් පසු ආණ්ඩුව වී මිල තීරණය කළ හොත් ඉන් ඵලක් නොවන බව ද පී. කේ. ඩී. විජේරත්න මහතා සඳහන් කළේය.

අනුරාධපුර දිස්ත්‍රික් මහා වාරිමාර්ග ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති පුංචිරාළ රත්නායක මහතා පැවුසවේ  වී කිලෝවකට රුපියල් 140 ක් ඉල්ලා සිටීම අසාධාරණ යැයි ගෙවීන්ට සාධාරණය ඉටුකිරීමට කටයුතු කරමින් සිටි වර්තමාන කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා ඇති බවත් ඔහු ගොවියාගේ දායකත්වය ප්‍රශ්න කිීමට ගැටලුසහගත බවත්ය.

නාමල් සහෝදරයා ඇමති තනතුර ගැනීමට පෙර ගොවියාගේ නිෂ්පාදන වියදම රුපියල් 154  ක් බවත් රනිල් වික්‍රමසිංහ එය රුපියල් 100 ක් දක්වා බස්සා ඇතැයි චොද්නා කළ බවත් පුංචිරාළ රත්නායක මහතා කීය.

ගොවීන්ගේ සටන් සඟයාව සිටි නාමල් කරුණාරත්න ගොවියා ගෙදර සිටියත් බුලත්විට කනවා, තේ බොන නිසා එවැනි වියදම් වී මිලට එකතු කිරීම අසාධාරණ බව ද රත්නායක මහතා සඳහන් කළේය.



අදහස් (4)

වී සහතික මිල ඉක්මණින් ඉල්ලයි

karolis Monday, 27 January 2025 05:48 PM

කෝ මේ නාමල් කරුණාරත්න? ඡන්දෙට කලින් ගොවියගේ දෙවියා වගේ නේද කයිවාරු ගැහුවේ...?

:       3       11

Kamal Koyrala Monday, 27 January 2025 06:27 PM

රජය බාලගිරි අද නොවේ හෙට වගේ... වි සඳහා මිල නියම කරන්න. එනමුත් මුදල් හදිස්සියට වී දෙනවා නම් ඔවුන්ගේ වග සහනාධාර ගැනත් රජය වගබලාගත යුතුයි.

:       0       0

අකිල Monday, 27 January 2025 07:25 PM

ආණ්ඩුව දැන්වත් මේ ප්‍රශ්නෙට මූලිකත්වය දීලා කටයුතු කළොත් හොඳයි. වසන්තට මෙම ඇමැති ධුරය කරන්න බැහැ වගේ පෙනෙනවා. ඒක නිසා වෙනත් කාර්ය සූර්ය කෙනෙක්ට බාරදුන්නොත් නරකද?

:       0       0

යෝගා Tuesday, 28 January 2025 06:39 AM

එහෙම සහතික මිලක් දැම්මහම ඩඩ්ලි ඡන්දෙට පැලවත්තට පොම්ප කරපු කෝටි ගණනට කෙළෙහිගුණ සලකන්න බෑනේ. එයාට ඕන ගානට වී ටික ගත්තට පස්සේ නාමල් කරුණාරත්න පූස් පැටියා අවම මිලක් කියයි. එයා දන්නව මේ අසාධාරණයට විරුද්ධව පොල් ගහන්නවත් බෑ කියලා. පොලුත් නෑනේ.

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 27 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2508 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site