IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


වී මිලදී ගන්න ‘ඔඩපණ’ ණය රුපියල් කෝටි 1,000 ක්

(යොහාන් භාසුර)

මහ කන්නයේ (2024/2025) වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණයේ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායි පොලී අනුපාතයක් යටතේ ‘ඔඩපණ’ ණය යෝජනා ක්‍රමය පසුගිය 3 වැනිදා ආරම්භ කළ බවත් එම ණය යෝජනා ක්‍රමය මැයි මස 15 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවත් සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව පැවසීය.

උපරිම දෛනික වී කෙටීමේ ධාරිතාව මෙටි්‍රක්ටොන් 25 කට යටත් වන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල්හිමියන්ට සහ සමූපකාර සමිතිවලට මෙම ණය යෝජනා ක්‍රමයෙන් ණය ලබාගත හැකි බවත් රාජ්‍ය ආයතනයක් නිකුත් කළ ව්‍යාපාර ලියාපදිංචි සහතිකය තිබීම අනිවාර්ය බවත් එම දෙපාර්තමේන්තුව කියයි.

මෙහිදී සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල්හිමියෙක්ට සහ සමූපකාර සමිතියකට රුපියල් මිලියන 50 ක් හෙවත් රුපියල් කෝටි 5 ක උපරිම ණය මුදලක් සියයට 7 ක වාර්ෂික පොලී අනුපාතයක් යටතේ ගතහැකි බවත් එම ණය මුදල දින 180 ක් තුළ ගෙවා අවසන් කළ යුතු බවත් සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් මිලියන 10,000 ක් හෙවත් රුපියල් කෝටි 1,000 ක් බැංකු හරහා නිදහස් කිරීමට නියමිත බවත් ගොවීන්ගේ වී ඇස්වැන්න සාධාරණ මිලක් තහවුරු කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නියම කරන අවම මිලක් යටතේ වී මිලදීගැනීමට සැළසුම් කර ඇති බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

ලංකා, මහජන, ප්‍රාදේශීය සංවර්ධන, රාජ්‍ය උකස් හා ආයෝජන, හැටන් නැෂනල්, සෙලාන්, සම්පත්, කොමර්ෂල්, ඩී.එෆ්.සී.සී., ජාතික සංවර්ධන, නේෂන්ස් ට්‍රස්ට්, සණස සංවර්ධන, යූනියන්, පෑන් ඒෂියා, අමානා සහ කාර්ගීල්ස් යන බැංකු හරහා මෙම ණය යොජනා ක්‍රමය ක්‍රියාත්මක කරන බව ද සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.

 



අදහස් (4)

වී මිලදී ගන්න ‘ඔඩපණ’ ණය රුපියල් කෝටි 1,000 ක්

Charaka Wewelwala Thursday, 09 January 2025 08:46 PM

මාස 6ක් සඳහා ශ්‍රී ලංකාවේ අවශ්‍ය සහල් ප්‍රමාණයෙන්, මෙම මුදලින් මිලදී ගත හැකි ප්‍රතිශතය කීයද? බලපැමක් කිරීමට මෙය ප්‍රමාණවත්ද?

:       0       2

චරක Thursday, 09 January 2025 09:33 PM

මාස 6ක් සඳහා ශ්‍රී ලංකාවේ අවශ්‍යතා සහල් ප්‍රමාණයෙන්, මෙම මුදලින් මිලදී ගත හැකි ප්‍රතිශතය කීයද? බලපැමක් කිරීමට මෙය ප්‍රමාණවත්ද?

:       0       0

සිල්වා Thursday, 09 January 2025 11:06 PM

කෝටි දාහක් කිසිසේත්ම ප්‍රමාණවත් වන්නේ නැත. මෙම මුදල යොදාගෙන මුලු අස්වැන්නෙන් කොපමණ ප්‍රතිශතයක් මිලට ගැනීමට හැකිදැයි ගණනය කල යුතුය. එක් මහ පරිමාණ මෝල් හිමියෙක් මීට වඩා වැඩි මුදලක් ආයෝජනය කරනවා. නැවත මහාපරිමාණ මෝල් හිමියන්ට යටවීම වැලකීමට නොහැකිය.

:       0       3

සිල්වා Friday, 10 January 2025 10:13 AM

කෝටි එක් දහස ප්‍රමාණවත් වන්නේ නෑ. එක් මහ මෝල් හිමියෙක් කෝටි තුන් දහසකට අධික මුදලක් ආයෝජනය කරනවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පොඩි ලැසීගේ නැන්දනියගේ සේප්පුවෙන් රන් කිලෝ එකක්
2025 මැයි මස 01 2371 2

ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය


උපදේශන සමාගමක එම්.ජී. ගිනි අවි සමග මාට්ටු
2025 මැයි මස 01 615 0

උපදේශන සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ වැලිකඩ නාවල පාසල් පටුමගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ සමග එම අධ්‍යක්ෂවරයා සැකපිට අත්අඩංගුවට


පොහොට්ටු මන්ත්‍රි කසිප්පු සමග මාට්ටු
2025 මැයි මස 01 826 2

ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි


ගිය මැයි රැළියේදී අනුර කියූ අනාවැකිය හරි යයි
2025 මැයි මස 01 1161 0

2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 680 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා


සරසවි සිසුවාගේ මරණය ගැන සොයන්න කමිටුවක්
2025 මැයි මස 01 430 0

සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 373 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 98 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1125 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site