(මනෝජ් හර්ෂික)
වී කිලෝවක මිල රුපියල් පහකින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව රුපියල් 41.00ට පැවැති සම්බා වී කිලෝව රුපියල් 46.00 දක්වා ද,රුපියල් 38.00කට පැවැති නාඩු වී කිලෝව රුපියල් 43.00 දක්වා ද වශයෙන් මිල සංශෝධනය වී ඇත.
ගොවීන්ගේ නිෂ්පාදන වියදමට සාපේක්ෂව වසර ගණනාවකින් වී මිල සංශෝධනය වී නැතිබවත් සංශෝධිත මිලට අදාළව කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට යොමු කිරීමට නියමිත බවත් කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලා ඉන්නෙ නැතිව අත්පොඩි ගහන්න
ඔහෙලාවගේ තණකොළ කන අයට නම් වී මිල ඉහළයාම ප්‍රශ්නයක් නොවෙයි බත්කන අපිටයි ප්‍රශ්නෙ.
මිනිස්සු ජීවත් වෙන්න ඕන ඡන්දෙ කාලෙ විතරද?
50,000ක් පමණ වන වී ගොවියන්ට රු.5/- දීලා දෙකෝටියක් විතර අහිංසකයන්ගේ බඩට ගැහුවා
අර කාගෙන්ද ගුටිකාපු පාර මෙයාට ඇහැරිලා...
ඈ වී මිල රුපියල් 5කින් වැඩි කරලා 500000ක් පෝසත් වෙනකොට කෝටි එක හමාරකට හාල් වැඩි මිලට කන්න වෙන බව අමතක උනාද. වී රුපියල් 5ක් වැඩි වෙනකොට හාල් රුපියල් 15කින් වැඩි වෙනවා. එතකොට අනෙක් අය අසරණයි ඔය කතාව කියන කොට මෙහෙ හාල් මිලත් වැඩි වෙලා ඒක තේරුම් ගත්තොත් අපිට හොදයි වී මිල පස්සෙන් තවත් මොනවා වැඩි වෙයිද හාල් මිල බත් පාර්සල් මිල, හල්පිටි මිල, කැවිලි මිල වැඩි වෙනවා විතරක් නෙවෙයි බිත්තර වී මිලත් වැඩිවෙනවානේ යකුනේ
මේ ඡන්දය බලාගෙන කරපු වැඩක්. වී ගොවියෝ කී දෙනාද ඉන්නේ, සහල් මිලට ගන්න පිරිස කොපමණද කියලා ගනන් හදලා බැලුව නම් මේ වැඩේ කරන්නේ නැහැ. සහල් මිල වැඩි උනාම බලමුකෝ මොකද වෙන්නේ කියල.
ගොවීන්ගේ නිෂ්පාදන වියදමට සාපේක්ෂව වසර ගණනාවකින් වී මිල සංශෝධනය වී නැතිබවත් සංශෝධිත මිලට අදාළව කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට යොමු කිරීමට නියමිත බවත් කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කරයි. එහෙනම් ඇයි ඒක කරන්න අවුරුදු 5ක් බලාගෙන හිටියේ?