(අංජුල මහික වීරරත්න)
2022/23 මහ කන්නයේ වී මිල දී ගැනීමේ වැඩ පිළිවෙළ සඳහා රජය විසින් තවත් රුපියල් බිලියන තුනක මුදලක් වෙන් කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මින් පෙර රජය විසින් වී මිල දී ගැනීමේ වැඩ පිළිවෙළ සඳහා රුපියල් බිලියන 10ක් වෙන් කර තිබූ අතර එම මුදල් සම්පූර්ණ ප්‍රමාණයම වී මිල දී ගෙන අවසන් වූ බව අමාත්‍යවරයා කීය.
අවශ්‍ය වුවහොත් වී මිල දී ගැනීම සඳහා තවත් මුදල් ප්‍රතිපාදන ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එකඟත්වය පළ කර තිබූ අතර ඒ අනුව අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තවත් රුපියල් බිලියන තුනක මුදලක් වී මිල දී ගැනීම සඳහා ලබා දීමට පියවර ගත් බව කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.
මෙවර මහ කන්නයේ වී මිල දී ගැනීමේ කටයුතු වී අලෙවි මණ්ඩලය මගින් නොව දිස්ත්‍රික් ලේකම්වරු හා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිලදී ගත්තට කමක් නෑ ඒවා සාමාන්‍ය ලාභයක් තියාගෙන සහල් කර විකුණලා රජයට ආදායමක් උපයනව නම් හෝ ගබඩා කර අටේ ආහාර සුරක්ෂිත භාවය රකිනව නම්.
කරුණාකරලා 31/03/2023 වන දින දක්වා රජය මිලදීගත් වී ප්‍රමාන දිස්ත්‍රික්ක මට්ටමින් පලකරන්න පුලුවන්ද ?අපිට අවශ්‍ය වී ගොවියට යහපතක් වෙනවා දකින්න
මෙයා ආපු දවසේ ඉඳලා කෝටි ගණනක ආධාර මුදල් ගොවියන්ට ලැබුණාද...? වැඩි කොටසක් මෙයාගේ සාක්කුවට ගියාද? දෙයියෝ තමයි දන්නේ. හැබෑවටම ගොවියන්ට සත පහක වැඩක් නම් වුනේ නැහැ. මේවා නිකම්ම සංදර්ශන. නියම බොරු කාරයෙක්...!