IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වී මිල දී ගන්න රජය තවත් රුපියල් කෝටි 300ක් දෙයි

(අංජුල මහික වීරරත්න)

2022/23 මහ කන්නයේ වී මිල දී ගැනීමේ වැඩ පිළිවෙළ සඳහා රජය විසින් තවත් රුපියල් බිලියන තුනක මුදලක් වෙන් කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මින් පෙර රජය විසින් වී මිල දී ගැනීමේ වැඩ පිළිවෙළ සඳහා රුපියල් බිලියන 10ක් වෙන් කර තිබූ අතර එම මුදල් සම්පූර්ණ ප්‍රමාණයම වී මිල දී ගෙන අවසන් වූ බව අමාත්‍යවරයා කීය.

අවශ්‍ය වුවහොත් වී මිල දී ගැනීම සඳහා තවත් මුදල් ප්‍රතිපාදන ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එකඟත්වය පළ කර තිබූ අතර ඒ අනුව අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තවත් රුපියල් බිලියන තුනක මුදලක් වී මිල දී ගැනීම සඳහා ලබා දීමට පියවර ගත් බව කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.

මෙවර මහ කන්නයේ වී මිල දී ගැනීමේ කටයුතු වී අලෙවි මණ්ඩලය මගින් නොව දිස්ත්‍රික් ලේකම්වරු හා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබිණි.

 



අදහස් (3)

වී මිල දී ගන්න රජය තවත් රුපියල් කෝටි 300ක් දෙයි

කිරිපුතා Tuesday, 04 April 2023 10:29 AM

මිලදී ගත්තට කමක් නෑ ඒවා සාමාන්‍ය ලාභයක් තියාගෙන සහල් කර විකුණලා රජයට ආදායමක් උපයනව නම් හෝ ගබඩා කර අටේ ආහාර සුරක්ෂිත භාවය රකිනව නම්.

:       1       2

ravin Tuesday, 04 April 2023 11:55 AM

කරුණාකරලා 31/03/2023 වන දින දක්වා රජය මිලදීගත් වී ප්‍රමාන දිස්ත්‍රික්ක මට්ටමින් පලකරන්න පුලුවන්ද ?අපිට අවශ්‍ය වී ගොවියට යහපතක් වෙනවා දකින්න

:       0       1

සංක Tuesday, 04 April 2023 04:48 PM

මෙයා ආපු දවසේ ඉඳලා කෝටි ගණනක ආධාර මුදල් ගොවියන්ට ලැබුණාද...? වැඩි කොටසක් මෙයාගේ සාක්කුවට ගියාද? දෙයියෝ තමයි දන්නේ. හැබෑවටම ගොවියන්ට සත පහක වැඩක් නම් වුනේ නැහැ. මේවා නිකම්ම සංදර්ශන. නියම බොරු කාරයෙක්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 450 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site