
(අංජුල මහික වීරරත්න)
මොනරුන්ගෙන් සිදුවන වගා හානි වළක්වන පරිදි වී වැපිරීමට හැකි නව ෂීඩර් යන්ත්‍රයක් හඳුන්වා දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවකම මොනර ගහනය ඉහළ ගොස් ඇති බැවින් වී වගා කළ පසු සිදුවන හානිය ඉතාමත් ඉහළ මට්ටමක පවතින බවත් මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමින් වී වැපිරීම සඳහා නව ෂීඩර් යන්ත්‍රයක් හඳුන්වා දීම අඟුණකොළපෑලැස්සේ දී කළ බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මෙම නව ෂීඩර් යන්ත්‍රයේ ඇති විශේෂත්වය වන්නේ බීජ සිටුවීම කරන අතරම මොනරුන් හා වෙනත් පක්ෂීන්ට එම වපුරන ලද වී කා දැමීමට නොහැකි වන පරිදි පොහොර තට්ටුවකින් එම බීජ වසා දැමීම බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.
මෙම අලුතින් හඳුන්වා දුන් සීඩරය ගොවීන්ට පහසුවෙන් හැසිරවිය හැකි අතර රුපියල් 17,000ක් වැනි මුදලකට සකස් කර ගත හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

COMMENTS
මේ යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය, මිල ගණන්, කොහෙන්ද ගන්න පුළුවන්, නිර්මාණය කළ අය ගැන විස්තරත් දෙන්න.
එතකොට කැලේ වනසන කැලෑ පාළුවන්ට...රජයේ ඉඩම් අල්ලගන්න ඉඩම් හොරුන්ට... මහජන මුදල් මංකොල්ල කන දේශපාලුවන්ට... යස පාඩමක් උගන්වන්නේ නැද්ද?
ලෝකය කොච්චර ඉදිරියට ගිහිල්ලද තියෙන්නේ කියලා පේනවා. අපි තාම කරන මේ වගේ ප්‍රාථමික දේවල් දැක්කාම...
වී කන උන්ට පාඩම් ඉගැන්නුවාට, රටම හොරාකාලා විනාශ කරපු දූෂිත දේශපාලුවන් පින් ජනපතිගේ පිහිටෙන් ඉන්නවා...
මෙවැනි හඳුන්වා දීම්, විවෘත කිරිම් දේශපාලකයින් කරන විට රටට මොනතරම් ආර්ථික පැත්තෙන් මොනතරම් බරක්ද? ආරක්ෂක නිලධාරීන්, රජයේ නිලධාරීන් පිරිවරාගෙන කරන දෙවල් රට වලපල්ලට ගොස් ඇති කලක දැන්වත් නතර කරන්න බැරිද? අනික දියුණු රටවල මෙවැනි දෙවල් සාමාජගත කරනවිට මෙවැනි නාස්තිකාරි දේවල් වෙන්නේම නැති ගානයි. රට ගැන හිතලා මෙවැනි දේවල් තවත් කරන්න එපා. අනික ඡන්දය තියෙන අපි මෙවැනි අනුවණ, හරයක් නැති දේශපාලකයින්ට කරන දේ දෙවතාවක් හිතන්න කාලයයි මේ...
නස්තිය දූශනය මැඩ පවත්වන්න තියෙන මැසිමට තෙල් ඩලා ගන්න බැරිද මලකඩ හුරල කුරුලු පාලුව කියල කොටසක් අත් හරින්නෙ කුරුල්ලන් සහ ගොවියන් සහ සම්බන්දයෙන් වැඩ කරපු නිසා මතක තියගන්න කුරුල්ලන් නිසයි ගොවිතැන රැකෙන්නෙ ගොවිතැන නිසයි කුරුල්ලන් රැකෙන්නෙ. කුරුල්ලන් ගොවිතැනේ මිතුරන් ගොවිතැන නැතිව පක්ෂීන්ටත් පක්ෂීන් නැතිව ගොවිතැනවත් ාර්තක වෙන්න බෑ.