(අංජුල මහික වීරරත්න)
ඉදිරි වගා කන්න හය ඇතුලත මෙරට වී අස්වැන්න දෙගුණයකින් ඉහල දැමීමට වැඩ සටහන් ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයට උපදෙස් දුන්නේය.
වී අස්වැන්න වැඩි කර ගැනීම සඳහා නව තාක්ෂණය ගොවීන්ට හඳුන්වා දීම මූල්‍ය ප්‍රතිපාදන රජය විසින් ලබා දෙන බව ජනාධිපතිවරයා පවසා ඇතැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
දැනට ලංකාවේ ඇති කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් ලක්ෂ 08කි. වර්ෂයකට යල හා මහ කන්න දෙකේ වගා කෙරෙන කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් මිලියන 1.3කි. ඉන් දැනට ලද හැකි සමස්ත වී අස්වැන්න වී මෙට්‍රික් ටොන් මිලියන 5.2ක් පමණ වේ. එමගින් නිපදවා ගත හැකි සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 3.1ක් වන අතර මෙරට පාරිභෝජනය සඳහා වාර්ෂිකව සහල් මෙට්‍රික් ටොන් මිලියන 2.4ක් අවශ්‍ය වේ.
2023 වර්ෂයේ කෘෂිකර්මාන්තය සඳහා රුපියල් බිලියන 132ක මුදලක් ලබා දුන් බවත් 2024 වර්ෂයේ වී වගාවේ නව තාක්ෂණය හඳුන්වා දීම සඳහා වැඩිපුර මුදල් රජය විසින් ලබා දෙනු ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට ඉස්සර වී වගාව ඕනෑ නෑ. කුඹුරු ගොඩකරලා කෙසෙල් හිටුවන්න කියපු අය දැන් වී වගාවට උපදෙස් දෙනවා. ඒවා තමුන්ගේ කුරුඳුවත්ත, රෝයල් කොලීජියේ අයට උගන්වන්නේ මහ බැංකුවට වැඩේ දෙන විදිය, පඬි වදන් දෙසීම, ධවල පත්‍රිකාව ගෙනත් අධ්‍යාපනය කාබාසීනියා කිරීම වගේ දේවල් නේද?
“කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් ලක්ෂ 08කි. යල හා මහ කන්න දෙකේ වගා කෙරෙන කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් මිලියන 1.3කි.“ ලොකු ප්‍රශ්නයක් නෑ...!
සර් ජනාධිපති විෂයට ටියුෂන් යන්න. ටියුෂන් මාස්ටර් කියාවි කුඹුරු අක්කරයක අස්වැන්න දෙගුණ කරලා බලන්න කියලා...!
හිතට එන පලියට බෑ... ඕක ගැන හරි සැලැස්මක් තියෙන්න ඕනේ... පොහොර ප්‍රශ්න වගේම දේශගුණික ප්‍රශ්න, බිත්තර වී ඵලදායිතාව ගොඩාක් දේවල් අධ්‍යයනය කරලා කරන්න ඕනේ... එක පට්ට ගහෙන් ගෙඩිඑනවා වගේ අස්වැන්න වැඩි කරන්න බෑ.. රට වටේ මුහුද තියාගෙන රටින් ටුනා මාළු ගේනවා වගේ තමයි...!
මේ විහිළු කවදා නවත්තයිද දන්නේ නෑ. උපදෙස් නැතිනම් දෙගුණ කරන්නේ නෑ.. මේක නම් පිස්සු හැදෙන රටක්...
ඉඩම් ටික විකුණයි වගේ ඉන්දියාවට...!