
සති දෙකකට ආසන්න කාලයක් තිස්සේ මැදපෙරදිග කලාපයේ දැඩි ලෙස උග්‍රවෙමින් පැවති ඇමෙරිකා - ඉරාන අර්බුදය යම් තරමකට ලිහිල් වීමේ ලකුණු පහළ වී තිබේ.
ඒ සමඟම ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව වාර්තා වේ.
රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් ඉරාන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ, ඇමෙරිකාව සිය ප්‍රහාර තාවකාලිකව නතර කර තබන තාක් කල් තමන් ද කිසිදු ප්‍රහාරයක් එල්ල නොකරන බවයි.
"අපගේ ස්ථාවරය වන්නේ 'ප්‍රහාරයට ප්‍රහාරයක්' යන්නයි. ඇමෙරිකාව ප්‍රහාර නතර කරන්නේ නම් ඉරානය ද සිය මෙහෙයුම් නතර කරනවා. මේ පණිවිඩය මේ වන විටත් ඇමෙරිකානු පාර්ශ්වයට ලබා දී අවසන්," යැයි එම නිලධාරියා වැඩිදුරටත් පවසා ඇත.
තෙල් මිල ගණන් පහත වැටුණු හැටි
මෙම තත්ත්වයත් සමඟ ලෝක වෙළඳපොළේ තෙල් මිල වෙනස් වීම ඇරඹී තිබේ. සැප්තැම්බර් සැපයුම් සඳහා වූ බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල 4.88% කින් පහත වැටී, බැරලයක් ඩොලර් 92 ක් දක්වා අඩු විය. එක්සත් ජනපද වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් (WTI) බොරතෙල් මිල බැරලයක මිල 5% කට වඩා පහත වැටී, බැරලයක් ඩොලර් 84.84 ක් දක්වා අඩු විය.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදේශකයින් පෙන්වා දී ඇත්තේ ඉරනයට ප්‍රහාර එල්ල කිරීම සඳහා සුදුසු ඉලක්ක හමුදාව සතුව අවසන් වෙමින් පවතින බවයි. එසේම ඇමෙරිකානු ආයුධ තොග ක්ෂය වීමේ අවදානමක් ඇති බවත් වාර්තාවෙයි. මෙම අනතුරු ඇඟවීම්වලින් පසුව වොෂින්ටනය සිය බෝම්බ හෙලීමේ මෙහෙයුම් අත්හිටුවීමට තීරණය කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපති මයික් වෝල්ට්ස් (Mike Waltz) Fox News නාලිකාවට අදහස් දක්වමින් පැවසුවේ, රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවලට ඉඩ සැලසීම සඳහා ජනාධිපති ට්‍රම්ප් මෙම ප්‍රහාර තාවකාලිකව නැවැත්වීමට තීරණය කළ බවයි.
මෑත දිනවල තෙල් මිල ඉහළ යාම නිසා ඇමෙරිකානු ෆෙඩරල් රිසර්ව් මහ බැංකුවට සිය මූල්‍ය ප්‍රතිපත්තිය තවත් දිගු කාලයක් තදින් පවත්වා ගැනීමට සිදුවනු ඇතැයි ආර්ථික විද්‍යාඥයින් අනුමාන කළහ.
කෙසේ වෙතත්, HSBC හි මූල්‍ය උපායමාර්ගික දිරාජ් නරුලා පෙන්වා දෙන්නේ, තෙල් මිල ඉහළ ගියද ලෝක උද්ධමන අපේක්ෂාවන් තවමත් පාලනය කරගත හැකි මට්ටමක පවතින බවයි. ෆෙඩරල් රිසර්ව් මහ බැංකුව මිල ස්ථායීතාවය වෙනුවෙන් පෙනී සිටීම නිසා මෙම තෙල් මිල කම්පනය දීර්ඝ කාලීන උද්ධමනයකට බලපෑම් කිරීම වැළකී ගිය බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd