IMG-LOGO

ලිෆ්ට් කවුළුවෙන් වැටී සිකියුරිටි ඕ අයි සී මරුට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

හෝමාගම දියගම පිහිටි මොරටුව සරසවියේ තාක්ෂණ පීඨ ගොඩනැගිල්ලේ විදුලි සෝපානය ගමන් ගන්නා කවුළුවෙන් බිමට වැටී  එම සරසවියේ ස්ථානභාර ආරක්ෂක නිලධාරියා  ජීවිතක්ෂයට පත්ව ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ නිකදළුපොත ,උයන්ගල්ල , රණවිරු මාවතේ අංක 158 හි පදිංචි , ඒ . ලාල් චන්ද්‍රකුමාර නමැති (73) පුද්ගලයෙකු බව පොලිසිය කියයි .

ඊයේ (02) දා සවස පහට පමණ තාක්ෂණ පීඨ සරසවියේ  විදුලිය විසන්ධි වී ඇති අතර එම අවස්ථාවේදී ගොඩනැගිල්ලේ විදුලි සෝපානය තිබී ඇත්තේ  හයවෙනි මහලේ බව පොලීසිය කියයි .

එම අවස්ථාවේදී  විදුලි සෝපානයට විදුලිය සැපයෙන ස්විචය  අක්‍රිය  කිරීම සඳහා ස්ථානභාර ආරක්ෂක නිලධාරියා  සිව්වන මහලෙන් විදුලි සෝපානයේ දොර විවර කිරීමට උත්සාහ දරා ඇතැයි පැවැසේ .

එහෙත් ක්ෂණිකව දොර විවර නොවන නිසා මදක් තදින් දොර තල්ලු කර විවර කිරීමට ගිය අවස්ථාවේදී එක්වරම දොර විවර වී  ආරක්ෂක නිලධාරියා විදුලි සෝපානය ගමන් ගන්නා  කවුළුවෙන් වැටී ඇති බව පොලිසිය පවසයි .

ඒ අනුව අඩි හතළිහක් පමණ උසින් ආරක්ෂක නිලධාරියා බිමට වැටී මෙම අනතුරට ලක්ව ඇති බව පොලීසිය කියයි.

පසුව අනතුරට පත් පුද්ගලයා ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර  ඇති අතර රෝගියා පරීක්ෂා කළ  වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඔහු මියගොස් ඇති බවයි .

ඒ අනුව මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය  හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදයකුමාර මහතා විසින් අද (03)  හෝමාගම මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂණ අධිකරණයේදී පැවැත්වීමට නියමිතව තිබුණි . සිද්ධිය සම්බන්ධයෙන් කහතුඩුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති . 



අදහස් (0)

ලිෆ්ට් කවුළුවෙන් වැටී සිකියුරිටි ඕ අයි සී මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 328 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 498 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 198 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site