IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලොහාන් රත්වත්තේගේ බිරිඳත් අත්අඩංගුවට ගැනීමට විමර්ශන

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොටස් ගෙන්වා එකලස් කරන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා අති සුඛෝභෝගී මෝටර් රථයක් නීති විරෝධී බව දැන දැන නිවස තුල සඟවාගෙන සිටීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත් වත්තේ මහතාගේ බිරිඳ ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිසියේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙක් පැවසීය 

ඒ සඳහා මිරිහාන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ පොලිස්‌ කණ්ඩායම් දෙකක්ද යොදවා ඇතැයි හෙතෙම කීය

රශි පබා රත්වත්තේ මහත්මියට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මගින් සිතාසි පවා නිකුත් කර ඇතැයි පොලිසිය කියයි

ඊට අමතරව හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ පුතු සම්බන්ධයෙන්ද විමර්ශනයක් සිදු කරන බව ජේෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් පැවසීය

නීති විරෝධී මෝටර් රථයට අදාළව කටුගස්තොට නිවසේදී ඊයේ (31) අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ  මහතා එදිනම  නුගේගොඩ අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් සංජය  විජේසිංහ මහතා  හමුවට  ඉදිරිපත් කිරීමෙන්  අනතුරුව ලබන මස 7 වෙනිදින   දක්වා රිමාන්ඩ්  බන්ධනාගාර ගත කරන  ලෙස නියෝග කළේය.



අදහස් (12)

ලොහාන් රත්වත්තේගේ බිරිඳත් අත්අඩංගුවට ගැනීමට විමර්ශන

පිටිගල මිලානෝ Friday, 01 November 2024 06:14 PM

වැරැදි කරුවන් සියල්ල ඇතුලට දමන්න…. මේ අයට මගේ මව්බිම ලියලා දුන්නේ කවුද…?

:       5       94

donSaturday, 02 November 2024 03:33 PM

අධිකරණයෙන් වරෙන්තු පිට හංගලා ඉන්න කෙනෙක්ගේ පින්තූරයක් දාන්න. ඒ වැදගත් කාන්තාව පරිස්සම් කරනවනේ... ජනතාවට හඳුන්වා නොදී...

:       0       2

සෙනෙවිරත්න Friday, 01 November 2024 06:38 PM

මේ වගේ සමාජ පිළිල ඉවත් කළ යුතුයි. නැතහොත් සුදුසු බිමක් ලදපසු නැවත ලියලා සමාජයම විනාශ කරනු ඇත. මාලිමා රජය හැර වෙන ඕනෑම රජයක් තිබුණි නම් මොහු සුරක්ෂිතයි...

:       0       54

සෙනෙවිරත්න Friday, 01 November 2024 06:39 PM

මිනීමරුවන්ට කළ නොහැකි දෙයක් නොමැත.

:       0       44

ජයනාත් Friday, 01 November 2024 06:47 PM

මේකටත් කියන්න එපා දේශපාලන පලිගැනීම් කියලා. පුළුවන් නම් නිවැරැදි බව ඔප්පු කරන්න....

:       0       52

de silva Friday, 01 November 2024 07:40 PM

ඔහුට බිරිඳවල් කිහිප දෙනෙක් සිටින බව පසුගිය කලේ මාධ්‍ය වාර්තා විශ්ලේෂණය කරනකොට පෙනී යනවා. අත්අඩංගුවට ගන්න සොයන්නේ මේ කාන්තාවන් කිහිප දෙනා අතරින් කුමන බිරිඳද?

:       1       42

නන්දන පනා-මිලානෝ Friday, 01 November 2024 07:54 PM

ලොහාන් රත්වත්තේ කියන්නේ සරලවම මානසික රෝගියෙක්. මේ ගමන්ම මේ යකාගේ මානසික රෝගී වාර්තාවක් කැඳවන්න. මේ ඇවිල්ලා කිසිම වර්ගයක තනතුරක් දරන්න සුදුසු මානසික මට්ටමක ඉන්න මනුස්සයෙක් නෙමෙයි...

:       0       44

Lalla Friday, 01 November 2024 09:53 PM

එකම මානසික ලෙඩේ උද්දච්ච වලව් මාන්නය. අනිත් දේවල් ලෙඩ නොව ජීවිකාව. සොරකම...වෘත්තීය චෞරයෝ..

:       0       2

chandima Friday, 01 November 2024 09:45 PM

රත්වත්තටත් හිරේ ලඟින්න වෙයි කියලා කවුද හිතුවේ? මේ විදිහට ලඟදීම වික්‍රමසිංහලා ජම්පරේ ගහලා පාර සුද්ද කරනවා බලන්න පුළුවන් වෙයි වගේ?

:       0       0

ගුණවර්ධන Friday, 01 November 2024 10:29 PM

ලොහානේග් බොඩිගාඩ් කෙනෙක් හිටියා, උඩතලවින්න ඝාතනය වුණ හැටි දැකපු. ඒ මනුස්සයා සීදුව හරියේ එන කොට පාර හරහා කන්ටේනරයක් දාලා හැප්පුවා. හොඳටම අමාරු වෙලා ඉඳලා බේරුනා, මැරුනේ නෑ,. අන්තිමට මිනිහා ලංකොවන් ගියා. අනතිමට හම්බ වෙන කොට DJ කෙනෙක් වෙලා හිටියේ . හිතන්නේ තියන එකම සාක්ෂිය මේ ළඟදි මෙයාගේ ලේකම් වෙඩි තියාගෙන මැරණා කිව්වා. මරණය ඉතාම සැක සහිතයි. මේ ගොල්ලනේග් ගේම් ගැන හොයන්න වෙනවා.

:       0       2

Perera Saturday, 02 November 2024 07:15 AM

එතකොට බිරිඳටත් එල්ලුම් ගහ පෙන්නන්න එක්කන් යන්න පුළුවන් වෙයි...

:       0       11

nimal Saturday, 02 November 2024 12:22 PM

දිට්ඨධම්වේදනීය කරුම. නීතිය ඉදිරියේ සමානාත්මතාවය විශ්වාස කරන අයට සැනසීමක් විය, අවසානයේදී, ජොයල් පේරා ඝාතනය සිදු වූ ස්ථානයේ සිටි ප්‍රධාන චරිතයක් සොයා ගැනීමට පොලිසියට හැකිවිය... ලොහාන් රත්වත්තේ. පැපුවා නිව්ගිනියාවේ රග්බි තරුවක් වූ ජොයෙල් පේරා මැයි දිනයේදී 01/05/1997 කොළඹ ප්‍රසිද්ධ කැසිනෝ ශාලාවක් වන කොල්ලුපිටියේ කාල්ටන් ක්‍රීඩා සමාජය ඉදිරිපිටදී ඝාතනයට ලක්විය. පේරා ඝාතනය සිදුවූ ස්ථානයේ සිටි බව ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසන ලොහාන් රත්වත්තේ ලොහාන් රත්වත්තේ ප්‍රබල අමාත්ය අනුරුද්ධ රත්වත්තේගේ පුතෙකි. මාසයකට ආසන්න කාලයක් පොලිසිය එම ස්ථානයේ සිටි ප්‍රධාන චරිතයට නොපැමිණ මේ සම්බන්ධයෙන් කකුලෙන් ඇදගෙන ගිය බව ජනතාවට රහසක් නොවීය. පොලිස් ක්‍රියා විරහිතභාවය හේතුවෙන් මාධ්‍ය හරහා උද්ඝෝෂණයක් ඇති වූ අතර එමඟින් රටේ නීතියට අනුව කටයුතු කිරීමට පොලිසියට බල කෙරුනි.

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site