IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලොහාන් රත්වත්තගෙ තවත් රියක් හමුවෙයි

(ෂේන් සෙනෙවිරත්න සහ ධම්මික ගුණවර්ධන)

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් භාවිතා කළැයි කියනු ලබන ව්‍යාජ අංක තහඩු යෙදු  තවත් සුදු පැහැති ජීප් රථයක් තෙල්දෙණිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ .

තෙල්දෙණිය පොලිසියට ලද තොරතුරකට අනුව තෙල්දෙණිය පොලිස් වසමේ අයි.සී.සී. නිවාස සංකීර්ණයේ කිසිවෙකුත් පදිංචි නොමැති පාළු නිවසක ගරාජයක් තුළ එම ජීප් රථය නවතා තබා තිබූ බව තෙල්දෙණිය පොලිසිය කියයි .

මිට්ෂුබිෂි වර්ගයේ එම ජීප් රථය සඳහා කේ.එන්.5556 යනුවෙන් ව්‍යාජ අංක තහඩුවක් සවිකොට තිබී ඇති අතර ඒ ඔස්සේ සිදු කරන ලද විමර්ශනවලදී එම අංකය හිමි තවත් රතු පැහැති පෙට්‍රල් ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් පොලිසිය විසින් හඳුනාගෙන ඇති අතර මෙම රථය පිළවල ප්‍රදේශයේ කාන්තාවකට අයත් ජීප් රථයක් බවද පොලිසිය කියයි .

මේ වන විට එම සැකකටයුතු ජීප් රථය තෙල්දෙණිය පොලිස් භාරයට ගෙන ඇත.



අදහස් (9)

ලොහාන් රත්වත්තගෙ තවත් රියක් හමුවෙයි

Perera Friday, 01 November 2024 11:09 AM

හිර ගෙවල් හොද වැඩිය මූව දාලා තියන්න.

:       1       62

සෙනෙවිරත්න Friday, 01 November 2024 11:23 AM

ඔව් මේවා මාධ්‍ය සංදර්ශන කියලා හිත හදාගමු. මෙහෙම තමයි රැඟුවේ බලය තියෙන කාලේ, තව කොපමණ රට පුරා ඇතිද? දන්නා හැමෝම මේවා අදාල අංශ වලට දැනුම්දීලා මේ සුනඛයින් රටට කරපු විනාශෙ නවතමු. ඔබ පාරේ කාණුවලට බැහැලා මොවුන්ට පාර ඉඩදෙන්න ඇතිද කොපමණ වතාවක්? අපට දුක එහෙම කාණුවලට බැහැපු අයම මොවුන්ට ආවඩන එක...

:       0       84

de silva Friday, 01 November 2024 01:07 PM

මේ මනුස්සයාට වාහන කොපමණ තිබෙනවාද? ලේක්ෂස් එකක් කොළඹදී අහුවුණා. ඩිෆෙන්ඩර් එකක් අනතුරට පත්වුණා. දැන් මොන්ටෙරෝ එකක්...!

:       1       70

Perera Friday, 01 November 2024 02:06 PM

අනේ අසරණ මනුස්සයෙක්ට මොන්ටේරෝ එකක්වත් තියාගන්න දෙන්නේ නැද්ද මේ කුහක ආණ්ඩුව..?

:       0       36

පිටරටවැසියා Friday, 01 November 2024 02:27 PM

de silva, දශක හතක් තිස්සේ මේ රටකාපු හොරු, තක්කඩි, කවුරුවත් දන්නේ නෑ ඔවුන්ට තියෙන, වාහන ගණන, ඉඩ-කඩම් දේපළ ගණන, අනියම් බිරින්දෑවරුන් ගණන. අමතකද "මට මතක නෑ, මම දන්නේ නෑ, මම කියන්නේ නෑ".

:       0       47

DHARMATILEKE Friday, 01 November 2024 03:00 PM

රත්වත්තට දැන්වත් රත්ෙවලාද? පිස්ෙතා්ල කීයක් තිෙයනවද දන්ෙන් නෑ?

:       0       33

පිටිගල මිලානෝ Friday, 01 November 2024 04:05 PM

මෙයා කරලා තියෙන්නේම හොර මැර සහ ජඩ වැඩයි.

:       0       30

sugath Friday, 01 November 2024 04:06 PM

පේනවා නේද මේ අය දේශපාලනයට එන්නට වලි කන්නේ ඇයි කියලා....!

:       0       32

Karuමයා Friday, 01 November 2024 11:33 PM

කලුරිය හම්බෙනකල් ප්‍රවෘත්ති ඉවර වෙන එකක් නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site