
(ගයාන් සූරියආරච්චි)
බීමතින් ජීප් රථයක් පදවා කොල්ලුපිටිය හන්දිය ප්‍රදේශයේදී මෝටර් රථයක හප්පා අනතුරක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත් වත්තේ මහතා අද (7) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනිද්දා (9)දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ කොල්ලූපිටිය පොලිසිය පවසයි.
ලොහාන් රත්වත්තේ මහතා ඥාතී නිවසකට ගොස් නැවත කොටුව බලා ජීප් රථයෙන් ගමන් කිරීමේදී කොල්ලූපිටිය හන්දිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබුණි.
කොල්ලු පිටිය පොලිසියට ලද පැමිණිල්ලක්මත පොලිස් නිලධාරින් කණ්ඩායමක් එම අවස්ථාවට ගොස් සිදුකළ විමර්ශන වලදී ලොහාන් රත්වත්තේ මහතා බීමතින් සිට ඇති බව අනාවරණය වී තිබූ අතර එහිදී ඔහු අත්අඩංගුවට ගෙන ජීප් රථය ද පොලිසියට රැගෙන විත් තිබුණි.
ඒ අනුව ලොහාන් රත් වත්තේ මහතා අද (7) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනිද්දා (9) දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව පොලිසිය කියයි.
කොළඹ දකුණ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලූෂන් සූරිය බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි කොල්ලු පිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් සී දුෂ්මන්ත මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රීමත් බීමතාණෝගේ ඇඳුම ගැන සඳහනක් නැත්තේ ඇයි..?
ජේවීපී ලොක්කෝ දෙන්නෙක්, ඇමැතිලා වෙන්න ඉස්සර, ඔය වරදම කරලා පොලිස් ඇප මත මුදා හැරියා මතකයි.
එක්කෝ මේ හාදයාට ලැජ්ජාවක් කියලා එකක් නෑ. නැත්තන් ලංකාවේ අධිකරණයට එහෙම එකක් නෑ. තව ලැජ්ජාවක් නැතුව මහතා කියලත් තියෙනවා. මහත්මයෙක් වගේ හැසිරෙන්න දන්නේ නැති මේ වගේ තක්කඩි හොරුන්ට මහතා කියන එකත් විහිළුවක්. රත්වත්තේ පරපුරම අවමානයට ලක් කරන උන්මත්තකයෙක් මේ.
මොහු වැනි නහර කාරයින්ගේ සියළුම නිශ්චල චංචල දේපළ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කලා නම් තව බොහෝ දේ හෙළිවේවි. මොහු වැනි අයගේ අසාධාරණකම් වලට ලක් වුණු මිනිස්සු ඕනේ තරම් ඇති. මොහු වැන්නන්ට ඇති බිය නිසා නීතී ක්‍රියාමාර්ග ගන්න ඔවුන් බිය ඇති...
යෝගා කරුණාකර දැනට ලංකාවේ පවතින නීතිය පිළිබඳ විශාරදයෙකුගෙන් කරුණු කාරණා විමසන්න. මා දන්නා තරමින් නම් එක වරදක් කර ඇප මත සිටින පුද්ගලයකු නැවත වරදක් කළොත් රිමාන්ඩ්ගත කිරීමයි. පෙර වරදම කළොත් නඩු දෙකම අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමයි.
දැන් මෙහෙමනම් ඇමැති කාලේ කොහොම හැසිරෙන්න ඇද්ද?
මේ වගේ අලුගුත්තේරුවෙක්ව සමාජයට පිළිලයක්. බරපතල වැඩ ඇතිව අවුරුදු 20ක්.... වත් හිරේ දාන්න... හැබැයි හොර දොස්තරලාගේ නිර්දේශවලට ඉස්පිරිතාලේ තියන්න එපා...
පාඨලී තවම නිදහසේ...!