
(විමුක්ති එස් රුද්‍රිගු)
බීමතින් ඩිෆෙන්ඩර් ජීප් රථයක් පදවා මෝටර් රථයක් හප්පා අනතුරක් සිදුකර එහි ගමන් ගත් නීතිඥවරයකුට බැන මරණීය තර්ජන සිදුකළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා එලෙස බැන තර්ජනය කළ නීතිඥවරයාගෙන් අද (09) විවෘත අධිකරණයේදී ප්‍රසිද්ධියේ සමාව අයැද සිටියේය.
බැන තර්ජනය කිරීමේ චෝදනාවට අදාළව කොටුවේ මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩුව කැඳවූ අවස්ථාවේදී ලොහාන් රත්වත්තේ මහතා මෙලෙස සමාව ඉල්ලා සිටියේය.
එම අවස්ථාවේ අගතියට පත් අකලංක උකවත්ත මහතා සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා වෙනුවෙන් නීතිඥ මඩුල්ල ප්‍රකාශ කර සිටියේ ලොහාන් රත්වත්තේ මහතා අද(09) අගතියට පත් පාර්ශවයට ලක්ෂ 10 මුදලක් ගෙවිමට එකඟවූ බවත් ඒ හේතුවෙන් අගතියට පත් පාර්ශ්වය ගැටලුව සමථයකට පත්කර ගැනීමට කැමති බවත්ය.
ඉදිරිපත් වූ සියලු කරුණු සළකා බැලීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප දෙකක් මත ලොහාන් රත්වත්තේ මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝග කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ලක්ෂ 10ත් ජනතා මුදල් වෙන්න ඇති කියලා හිතෙන්නේ ලොහාන්ට විතරද?
බලේ තිබ්බ කාලේ ඔහොම වෙච්ච දේවල් කොයි තරම් ඇතිද?
මේ කරලා තියෙන ජඩ වැඩවලට මුළු රටෙන්ම සමාව ගත්තත් මදි...
බලේ තිබ්බ කාලයේ ඔය තර්ජන වචන වලට සීමා වුනේ නැහැ..
හැබැයි තාත්තා ඉන්න කාලේ මියගිය මුස්ලිම් කොල්ලන් 10 දෙනාගේ දෙමව්පියන් නම් කවදාවත් සමාව දෙන එකක් නෑ.
මේ ලොහාන්ට එකපාරටම ලක්ෂ 10ක් කොහෙන්ද කියලා හොයලා බලන්න. නිතිවිරෝධී ජාවාරම්වලට සම්බන්ධ බවයි පේන්නේ... බීගෙන වාහනේ එළෙව්වට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද?
උඩතලවින්න මිනීමරුවන්..
සමාව ගන්නවා කියන්නේ වචන පෙළක් විතරයි කියා... මේක දන්න නිසා තමයි... එහෙම කරලා ශේප් වුණේ..! අනේ මෙහෙමත් කපටියෝ...!!!