IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ලොහාන් ප්‍රසිද්ධියේ සමාව ගනියි

(විමුක්ති එස් රුද්‍රිගු)

බීමතින් ඩිෆෙන්ඩර් ජීප් රථයක් පදවා මෝටර් රථයක් හප්පා අනතුරක් සිදුකර එහි ගමන් ගත් නීතිඥවරයකුට බැන මරණීය තර්ජන සිදුකළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා එලෙස බැන තර්ජනය කළ නීතිඥවරයාගෙන් අද (09) විවෘත අධිකරණයේදී ප්‍රසිද්ධියේ සමාව අයැද සිටියේය.

බැන තර්ජනය කිරීමේ චෝදනාවට අදාළව කොටුවේ මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩුව කැඳවූ අවස්ථාවේදී ලොහාන් රත්වත්තේ මහතා මෙලෙස සමාව ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේ අගතියට පත් අකලංක උකවත්ත මහතා සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා වෙනුවෙන් නීතිඥ මඩුල්ල ප්‍රකාශ කර සිටියේ ලොහාන් රත්වත්තේ මහතා අද(09) අගතියට පත් පාර්ශවයට ලක්ෂ 10 මුදලක් ගෙවිමට එකඟවූ බවත් ඒ හේතුවෙන් අගතියට පත් පාර්ශ්වය ගැටලුව සමථයකට පත්කර ගැනීමට කැමති බවත්ය.

ඉදිරිපත් වූ සියලු කරුණු සළකා බැලීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප දෙකක් මත ලොහාන් රත්වත්තේ මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝග කළාය.



අදහස් (8)

ලොහාන් ප්‍රසිද්ධියේ සමාව ගනියි

ජිල්බු Monday, 09 December 2024 03:51 PM

ඒ ලක්ෂ 10ත් ජනතා මුදල් වෙන්න ඇති කියලා හිතෙන්නේ ලොහාන්ට විතරද?

:       8       94

charith Monday, 09 December 2024 03:51 PM

බලේ තිබ්බ කාලේ ඔහොම වෙච්ච දේවල් කොයි තරම් ඇතිද?

:       6       104

Perera Monday, 09 December 2024 11:40 PM

මේ කරලා තියෙන ජඩ වැඩවලට මුළු රටෙන්ම සමාව ගත්තත් මදි...

:       0       0

de silva Tuesday, 10 December 2024 06:00 AM

බලේ තිබ්බ කාලයේ ඔය තර්ජන වචන වලට සීමා වුනේ නැහැ..

:       0       0

රුවන් Tuesday, 10 December 2024 06:21 AM

හැබැයි තාත්තා ඉන්න කාලේ මියගිය මුස්ලිම් කොල්ලන් 10 දෙනාගේ දෙමව්පියන් නම් කවදාවත් සමාව දෙන එකක් නෑ.

:       0       0

sam Tuesday, 10 December 2024 07:28 AM

මේ ලොහාන්ට එකපාරටම ලක්ෂ 10ක් කොහෙන්ද කියලා හොයලා බලන්න. නිතිවිරෝධී ජාවාරම්වලට සම්බන්ධ බවයි පේන්නේ... බීගෙන වාහනේ එළෙව්වට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද?

:       0       0

Hafiz Tuesday, 10 December 2024 08:20 AM

උඩතලවින්න මිනීමරුවන්..

:       0       0

Nandalal DE SILVA - France Tuesday, 10 December 2024 09:13 PM

සමාව ගන්නවා කියන්නේ වචන පෙළක් විතරයි කියා... මේක දන්න නිසා තමයි... එහෙම කරලා ශේප් වුණේ..! අනේ මෙහෙමත් කපටියෝ...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 612 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site