(මනෝප්රිය ගුණසේකර)
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, රගර් කී‍්‍රඩක වසීම් තාජුඩීන් ඝාතනය ඇතුළු ආන්දෝලනාත්මක ඝාතන හතරකට අදාළව සිදුකළ විමර්ශනවල උද්ධෘත ගොනු වහාම තමන්ට එවන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු පොලිස් බලධාරීන්ට නියම කර ඇත.
පසුගිය කාලයේ මහජන කැළඹීමට තුඩු දුන් මෙම ඝාතන සිද්ධීන්ට අදාළ විමර්ශනවල අනිසි ප්‍රමාදයක් ඇති බව නීරීක්ෂණය කළ නීතිපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා එලෙස නියම කළ බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය දැනුම් දුන්නාය.
වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට අමතරව විමර්ශනවල උද්ධෘත ගොනු වහාම එවන ලෙස නීතිපතිවරයා විසින් නියම කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර යන මහත්වරුන්ටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යවන්න දෙයක් නෑ තවම එක්කෙනෙක් අල්ලන්න හොයනව, කෝ හේතුවක්... නෑනෙ.....අපි තාම දඟලනව....
මේවායේ පමණක් නෙවේ අනිත් හැම " මහජන කැළඹීමට තුඩු දුන් අපරාධයකම" විමර්ශන සහ නඩු ඇසීම් වලත් අනිසි ප්‍රමාදයන් තියෙනවා. නඩුව අවසන් වෙනතුරු වහන්නේ නැහැ කීව උසාවි වලත් දැන් දැන් සති ගණන් නඩු කල් යනවා. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියල කියන්න ඇත්තේ මේවගේ වැඩ ගැන වෙන්න ඇති. අපරාධ කාරයින්ට දඬුවම් කරනවා කියල බලයට ආව උදවිය දැන් දෙකට බෙදිලා එක එක්කෙනාගේ බොටු තද කර කර විකාර නටනවා. කරනවා කියල පොරොන්දු උන දේවල් කාටවත් මතක නැහැ. අහක ඉන්න හබන් කුකුලන්ට ජය මඟුල්.
බලන්න මොවුන් මුළු රටම අරාජික වෙලා තියෙන මොහොතක මිනිස්සුන්ව කොච්චර නොමග යවමින් අන්දවන්න උත්සාහ කරනවද කියලා. ආයෙත් මැතිවරණ සාමය ළඟ එන නිසා අවුරුදු හතරක් නොකරපු දේවල් මේ ඉතිරි මාස කිහිපයේ කරන්න දගලන හැටි?? අපේ රටේ දේශපාලනය 80%කටත් එහා සිංහල ජනතාවට එපාම වෙලා තියෙන්නේ ඒකයි.
ඡන්දේ ලගයි වගේ ඡන්දේ කාලෙට එන නම් දෙක
වරද කරුවන්ට දඬුවම් දිය යුතු නමුත් ,දේශපාලන උවමනා අනුව කලකදී යට ගසන්නටත් කලකදී එලියට අදින්නටත් ක්‍රියා කිරීම හෙලා දකිමු.
සුසන්ත කටාර්, සහතික ඇත්ත. අපේ රටේ පුදුම මාතෘකා තියෙන්නේ ඡන්ද කාලයට.
ඡන්දේ ලගයි, ඡන්දේ ලගයි !
යාන්තම් පස්වැනි අවුරුද්දට පා තබන මේ සංදර්ශන.
චන්දෙ නිසා කරන සංදර්ශන විදියට පෙනෙන්න තිබුනත්, මේක අලුත් නීතිපති හොදින් වැඩ පටන් අරගෙන වෙන්නත් පුළුවන්. කොහොම උනත් ඉක්මනින් නඩු දාන එක ගැන අපි සතුටු වෙමු.
අයෙමත් නාටකය රඟ දක්වන්න පටන් අරන් වගේ.
ඔය කස පුපුරන්නේ!!!!. කොහොමද චන්ද කොමිසමේ සභාපති තුමාගේ වැඩ!
චන්දය කිට්ටු වෙනකොටනේ මේ දෙන්නව මතක් වෙන්නේ
තාජුදීන්ගේ සිරුර ආයේ ගොඩ ගමුද..?
මේක ඒ මැරිච්ච මිනිස්සුන්ට කරන ලොකු අගෞරවයක්.මේ ආණ්ඩුව අවුරුදු 4ක් අල්ලපු හොරෙකුත් නැහැ. විශේෂ අධිකරණත් හදල තවමත් හොරුත් මිනිමරුවොත් නිදැල්ලේ. මේවා ඔක්කොම නාටක තමයි. මේවට වියදම් කරන මහජන මුදල් අපරාදේ.