
(අංජුල මහික වීරරත්න)
ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී නලින්ද ජයතිස්ස මහතා මේ බව කීය.
අදාළ තීන්දුව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ප්‍රකාශයක් කරන බවද අමාත්‍යවරයා පැවසීය.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කර ඇති හමුදා බුද්ධි නිලධාරියකු ඇතුළු තිදෙනෙකු නිදහස් කිරීමට පවතින හැකියාව පිළිබඳ නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිය නීතිමය මතය ලබා දී තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් , 2030 වෙනකන් අධ්‍යයනය කර කර හිටපල්ලා.