
(නිමල කොඩිතුවක්කු)
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඝාතනයට සම්බන්ධ වෙඩික්කරු යැයි සැක සහිත පුද්ගලයා අත්අඩංගුවට ගැනීමේ විමර්ශනය සිදුවූ අවස්ථාවේ ඒ හා සබැඳි නිලධාරීන්ට විරුද්ධව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ වුට්ලර් මහතා කොළඹදී පැවසීය.
මහරගම නාවින්න ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු වීඩියෝගත කරමින් මාධ්‍ය ඉදිරියේදි ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැඩි අවධානය යොමු කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් සිදු කළ විමසීමේදී ඔහු මේ බව සඳහන් කළේය.
“වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති වරයාගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන කණ්ඩායම් කිහිපයක් විමර්ශන සිදුකර ප්‍රධාන වෙඩික්කරු ඇතුළු සැකකරුන් හය දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ විට එම සැකකරුවන් පැය 72 ක් රඳවා ගැනීමේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශණ සිදුකරනවා.
සභාපතිවරයාගේ ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී බාහිර පාර්ශවයක් හෝ අපේ පොලිස් නිලධාරියකු මගින් ඡායාරූපගත කරානම් හෝ වීඩියෝ ගත කරානම් ඒ පිළිබඳව අපි විමර්ශන කරනවා. මෙලෙස අධිකරණයේ ක්‍රියාත්මක වන නඩු කටයුත්තක් සම්බන්ධයෙන් මෙලෙස සාක්ෂි ඉදිරිපත් වීම එම නඩුවට අගතියක්. ඒ වගේම වින්දිතයා ඇතුළු වින්දිත පාර්ශවයට මේක අගතියක් විදියට අපි සලකනවා. ඒ නිසා හැකි සෑම අවස්ථාවකදීම යම්කිසි අපරාධයක් සම්බන්ධයෙන් සංවේදී කරුණු සමාජගත කිරීමට පෙර ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි කියලා අපි මාධ්‍යවේදීන්ගෙනුත් ඉල්ලා සිටිනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසස් වීමක් දෙන්න ඕන උන්ට පරීක්ෂණයක් කරනවා
පොලිස්පතිතුමාට තියෙන්නේ ප්‍රශ්න කරන පොලිස් නිලධාරින්ට විරුද්ධව වැඩ කරනවාට වඩා, ප්‍රසිද්ධ ස්ථානයක අත්අඩංගුවකට ගෙනීමක් සිදු වුනාට පස්සේ එම ස්ථානයේ යම් සීමාවක් මාධ්‍යවේදීන් ඇතුළු සාමාන්‍ය ජනතාවට ඇතුළුවීමට තහනම් කලාපයක් ලෙසට නම් කොට කහ පටියකින් ආවරණය කිරීමට උපදෙස් දෙන එකයි
පොලිස් විද්‍යාලේ මුන්ට ඔයා වගේ දේවල් නොකර ඉන්න උගන්වන්නේ නැද්ද?
උසස්වීම වෙනුවට පරීක්ෂණ කරන්න හේතු දෙකක් තියෙන්න පුළුවන්. එක, ඔයිට කලින් DIG කෙනෙකුත් ඔහොම සංදර්ශන කරලා ඒකෙන් නීතිමය ප්‍රශ්න ඇතිවෙන්න ගියා. ඒ කියන්නේ, ඔය කියන සංදර්ශන කරානම් වැරැදියි ඕනෑකමින් කරා නම්. හැබැයි අනික් අය කරා නම් පොලිස් නිලධාරීන් පලි නෑ. දෙවෙනි හේතුව වෙන්න පුළුවන් අත් අඩංගුවට ගත්ත එක කාට හරි උඩ අයට ප්‍රශ්නයක් නම්...