
සතියකට වැඩි කාලයක් තිස්සේ ළැව් ගිනිවලින් බැටකන ලොස් ඇන්ජලීස් නුවර, යළි ගොඩනැගීමට ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනක් වැය වනු ඇතැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි.
ඇමෙරිකන් ජනාධිපති බයිඩන් මෙසේ පැවැසුවේ ලොස් ඇන්ජලීස් නුවර අයත් කැලිෆෝනියා ජනපද බලධාරීව් හමුවෙමිනි.
ළැව් ගිනි තත්ත්වය සම්බන්ධයෙන් සහ උන්හිටිතැන් අහිමිවුණු ලොස් ඇන්ජලීස් වැසියන්ට සහන ලබා දීම සම්බන්ධයන් ද ඇමෙරිකන් ජනාධිපතිවරයා සොයා බැලීමක් ද කළේය.
ළැව් ගිනි ආරම්භ වූයේ පසුගිය 7 වැනිදාය. ඒ, ලොස් ඇන්ජලීස් නගරයට බලපෑ වියළි කාලගුණය හේතුවෙනි. ළැව් ගිනි පාලනය කිරීමට අපහසු අයුරින් පැතිරෙන්න පටන්ගෙන ඇත්තේ රට අභ්‍යන්තරයේ සිට මුහුද දෙසට හමා එන සුළං ධාරා නිසාය.
මෙම වියළි සුළං ධාරා පැයට කිලෝ මීටර් 80 ක පමණ වේගයකින් හමා ආ බවත්, එය තව තවත් ළැව් ගිනි ව්‍යාප්ත කිරීමට හේතුවක් වූ බවත් පැවැසිණි. ලොස් ඇන්ජලීස් යනු ජනගහනය අතින් ඇමෙරිකාවේ දෙවැනි විශාලතම නගරයයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරොෂිමාවේ පාඩුව එයට වැඩි වෙන්න ඇති?
අනෙකුත් රටවල යුද්ධය සඳහා යොදවන මුදල් තම රට නැවත ගොඩනැගිමට යෙදෙව්වෙත් නරකද?
අනුන්ට කරන අපරාධ තමන්ටම කැරකිලා එනවා..