
ආරියරත්න රණබාහු
ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විශ්‍රාම යෑමට එක් දිනක් තිබිය දී එහි නිලධාරිනියකට ඉහළ තනතුරක් ලබාදී ඇතැයි වාර්තා වේ.
එම නිලධාරිනිය අතිරේක සාමාන්‍යාධිකාරි ධුරයට ඉකුත් 14 වැනිදා පත්කර ඇති අතර, ඇය ඊට පසු දින (15) විශ්‍රාම ගොස් ඇතැයි පැවසේ.
එම නිලධාරිනියට ඉහළ තනතුරක් ලබා දී ඇත්තේ ලංවිම ඉංජිනේරු සංගමයේ දැඩි බලපෑම මතය.
එම නිලධාරිනිය අතිරේක සාමාන්‍යාධිකාරි ධුරයට පත් කරන ලෙස ඉල්ලමින් ලංවිම ඉංජිනේරු සංගමයේ සභාපතිවරයා ලංවිම සභාපතිවරයාට ලිපියක් ද යවා ඇත.
මෙම නිලධාරිනිය පත්වීම ලැබූ දිනට පසු දින විශ්‍රාම ගොස් ඇත්තේ නව තනතුරට හිමි සියලුම වරප්‍රසාද ලබා ගනිමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එම නිලධාරිනිය නමක් නොමැති නිලධාරිනියක්ද ?
කතාව ඇත්ත නම් මට කියන්න තියෙන්නෙ කිසිම ලජ්ජවක් නැති ගැහැනියක් කියලයි. නහය නැත්තන් සල්ලිවලට අසූචිත් කයි.
කට්ටිය එකතු වෙලා යෙදා හදාගෙන කනවා. සාමාන්‍ය ජනතාව බර අදිනවා
ලංකා විදුලි බල මණ්ඩලය කියන්නේ ඉතාමත් අකාර්යක්ෂම ආයතනයක්. මේ ආයතනය තවමත් පවත්වා ගෙන යන්නේ මොකද? ලංවිම ඉංජිනේරු සංගමය සහ රජයේ වෛද්‍ය සංගමය දෙකම එක වගේ සංගම් දෙකක්.
පසුදා විශ්‍රාම ගියාද නැද්ද නෙවෙයි, ඇය එම තනතුරට අදාළ සුදුසුකම් සපුරා ඇත්නම්, අදාළ සම්මුඛ පරීක්ෂණ පවත්වා සමත් වෙලා තියෙනවා නම්, ඒකයි සලකා බලන්න ඕන.
බොහෝමයක් ආයතනවල සුදුසුකම් සපිරූ, අවු. 30ට වැඩි සේවයක් සහිත විශ්‍රාම යන සේවකයින්ට ඔවුන්ට හිමි අවසාන උසස්වීම සුළු සේවකයින්ට පවා ලැබෙනවා. ඉන්ජිනේරු වුණු නිසාත් ලංවිම වුණු නිසාත් වෛරයෙන් මෙවැනි දේ උලුප්පා දැක්වීම වැරැදියි...
ඔක ලාබදායිකව පාලනය කලෙ පාටලි ඇමති කලේ විතරයි. මෙ ආයතන දැන් පලනය කරන්නෙ එක එක සංගම් වලින් වගේ. සභාපති සහ අද්‍යක්ශ මන්ඩල වලට ගෙවන සල්ලි අපරාදෙ.
ඕක මොකද..ඔහොම සතියකට පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලා ඔක්කොම වරප්‍රසාද අරගත්ත පිරිමි මිසීකෙනෙකුත් ඉන්නෙ