(මහින්ද නිශ්ශංක)
ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් ලංකා විදුලි බල මණ්ඩලය ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට තිබෙන රුපියල් කෝටි 8000 ක මුදලින් රුපියල් කෝටි 4800 ක් පියවීමට ඛණිජ තෙල් සංස්ථාව මගින් පියවර ගෙන ඇතැයි විදුලි බල සහ බල ශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මේ අතර මෙතෙක් රුපියල් 95 කට විදුලි බල මණ්ඩලයට ලබාදුන් ඩීසල් ලීටරයක් රුපියල් 26 ක් අඩුවෙන් රුපියල් 70 කට ලබා දීමට ද ඛණිජ තෙල් සංස්ථාව පියවර ගෙන ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.
ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල අඩුවීම හේතුවෙන් ඛණිජ තෙල් සංස්ථාව මේ වන විට ලබා ඇති අධික ලාභය හේතුවෙන් මෙම ණය මුදල් පියවීම සහ ඉන්ධන මිල අඩුවෙන් ලබා දීමට සංස්ථාව පියවර ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු කවුරුත් මේ කියමන දිනවකවානු සහිතව මතක තියාගන්න. ටික දවසක් යනකොට කෝටි 3200 ට වැඩිය ණය තිබෙන්න බැහැ නේද? (කෝටි 8000 - 4800 = 3200) . අපි බලාගෙන ඉඳිමු.
පැහැදිලි නැත ...