(අංජුල මහික වීරරත්න)
ලංකා විදුලි බල මණ්ඩලය සහ ජපන් විදුලිබල තොරතුරු මධ්‍යස්ථානය අතර තාක්ෂණික සහයෝගීතාව සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ලංකා විදුලිබල මණ්ඩලයේ 2018 වර්ෂයේ සිට ජපන් විදුලිබල තොරතුරු මධ්‍යස්ථානය සමග සහයෝගයෙන් කටයුතු කරනු ලබන අතර 2019 වර්ෂයේ දී තාක්ෂණික සහයෝගිතා වැඩසටහනක්ද ක්‍රියාත්මක කරනු ලැබ තිබේ.
එලෙස කටයුතු කිරීම මගින් ඇති කරගනු ලැබ ඇති සහයෝගීතාව මත පදනම්ව බහු විධ දැනුම හුවමාරු වැඩසටහන් වල නිරත වීමට හැකිවන පරිදි 2023 වර්ෂයේ සිට තාක්ෂණික සහයෝගිතා වැඩසටහනක් කියාත්මක කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීමට දෙපාර්ශ්වය විසින් එකඟ වී ඇත.
ඒ සඳහා වන යෝජිත තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ කෙටුම්පත් අවබෝධතා ගිවිසුම නීතිපතිවරයාගේ සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ නිරීක්ෂණ අනුව සකස් කරනු ලැබ තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංවිම කියන්නේ,දූෂිත දේශපාලනඥයන් සහ ඔවුන්ගේ හෙංචයියන් අරක්ගත් රටේ සල්ලි ගිලින සුදු අලියෙක්. ඒ බව මේ රටේ ජනතාව හොඳින්ම කරුණු කාරණා සහිතව දන්නවා.ඒ නිසා මේ ආයතනය දූෂිත දේශපාලනඥයන් අතින් මුදවා ගෙන,සිදුවූ අකටයුතු කම් සොයාගෙන එය රටට වැඩදායී අන්දමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගත යුතුමයි.එසේ නැතිව මොනවා කළත් එය රටට වැඩදායී අන්දමින් ක්‍රියාත්මක කිරීමට නොහැකිය.
ලංවිම විතරක් නොවෙයි බොහෝ රාජ්‍ය ආයතන දූෂිතයි.මේ සදහා කලයුතු එකම දෙය දූෂනයෙන් තොර ජනතාවාදී ආණ්ඩුවක් පත්කර ගැනීමයි.