
(විමුක්ති එස් රුද්‍රිගු)
ආසියාවේ මිත්‍රශීලීම රටවල් අතර 15 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇතැයි යාහු ෆයිනෑන්ස් වෙබ් අඩවිය වාර්තා කළේය.ශ්‍රී ලංකාව රටවල් 196 ක සංචාරකයන් සඳහා විද්‍යුත් මාර්ගයෙන් ගමන් අවසරය ලබාදීම හෝ පැමිණීමේදී වීසා ලබා දීම සිදු කරන බවත් ශ්‍රී ලංකාව සංචාරකයන්ට මිත්‍රශීලි රටක් බවත් එම වෙබ් අඩවිය සඳහන් කළේය.
මෙම ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාවට 0.96 ක ලකුණු සංඛ්‍යාවක් හිමිව ඇත.මෙම ශ්‍රේණිගත කිරීමේ තුන්වැනි ස්ථානය ලකුණු 1.67 හිමිකරගත් වියට්නාමයටත් දෙවැනි ස්ථානය ලකුණු 2.20 ක් ලබාගත් මැලේසියාවටත් පළමු ස්ථානය ලකුණු 2.52 ක් ගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයටත් හිමිව තිබේ.
මෙම ශ්‍රේණිගත කිරීම සඳහා මුලාශ්‍ර හතරක් පදනම්වී ඇත.එම මූලාශ්‍ර හතර අතර යාහු ෆයිනෑන්ස් වෙබ් අඩවියේ පළවූ ලෝකයේ මිත්‍රශීලීම රටවල් 30 යන ලිපිය සහ ඉන්සයිඩර් මන්කි සඟරාවේ පළවූ ලෝකයේ වඩාත්ම සංක්‍රමණික හිතකාමී රටවල් 20 යන ලිපිය තිබෙන බවද යාහු ෆයිනෑන්ස් වෙබ් අඩවිය ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි දේශපාලුවෝ රාජ්‍ය ධනය හොරා කාලා සුරසැප විඳින රට සහ දේශපාලුවෝ රටේ කෑලි සහ මරමස්ඨාන විකුණන් කන ලෝකෙම නොමරා ඒකේ රට සොයා බැලුවොත් ලංකාවේ දේශපාලුවෝ නොම්මර එකටත් ඒක ඇති විශිෂ්ට නොම්මරයක් ලැබේවි