
(විමුක්ති එස් රුද්‍රිගු)
ඩිජිටල් විප්ලවයත් සමග අන්තර්ජාලය ඔස්සේ සූදු ක්‍රීඩාවේ නිරත විය හැකි ක්‍රම සහ ක්‍රීඩාවන් සඳහා ඔට්ටු ඇල්ලීමේ ක්‍රම සිඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමග ලොව පුරා ලක්ෂ 800 කට වැඩි පුද්ගලයන් සංඛ්‍යාවක් සූදු කෙළීමට ඇබ්බැහිවී ඇති බවත් ඒ හේතුවෙන් ඔවුන්ට මානසික සංකූලතාවයන් ඇතිවී ඇති බවත් නවතම අධ්‍යන වාර්තාවකින් හෙළිවී ඇත.
මින් වැඩි බලපෑම එල්ල වී ඇත්තේ වැඩිහිටි පුද්ගලයන්ට බවත් ළමයින් සහ නව යොවුන් වයසේ පසුවනන්ද මීට පෙර අසා නොතිබූ ක්‍රම ඔස්සේ සුදූ ක්‍රීඩාව ප්‍රවර්ධනය කරන නිෂ්පාදන වලට නිරාවරණය වී ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.
ඒ හේතුවෙන් ළමයින් සහ නව යොවුන් වයසේ පසුවනන්ද ඉක්මණින් මුදල් සෙවීමේ බලාපොරොත්තුවෙන් සූදු ක්‍රීඩාව සඳහා යොමුවීමට ඉඩ තිබෙන බවත් සූදු ක්‍රීඩාව ප්‍රවර්ධනය කරන වෙබ් අඩවිවල තිබෙන ඇබ්බැහි වීමේ ගුණාංග ඔවුන්ව සුදූ කෙළීමේ ක්‍රීඩාව සඳහා ඇබ්බැහි කරවීමේ ඉඩක් තිබෙන තිබෙන බවත් පැවැසෙයි.
විශේෂයෙන්ම තරුණ ජනගහනය අතර සූදුව පිළිබඳ ගැටළු පැතිරීම ඉහළ යමින් පවතින බැවින් මාර්ගගත සූදු ක්‍රීඩාවේ අන්තරායන්ගෙන් අවදානමට ලක්විය හැකි පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා වැඩි දැනුමක් සහ වැළැක්වීමේ පියවර අවශ්‍ය වන බවද එම වාර්තාවේ සඳහන් වේ.
සෞඛ්‍ය සහ ප්‍රතිපත්ති විශේෂඥයින් 22 දෙනෙකුගෙන් යුත් ජාත්‍යන්තර කොමිසමක් මෙම වාර්තාව එළිදක්වා තිබේ. සූදු ක්‍රීඩාව සාමාන්‍යයෙන් විනෝදය සඳහා කරන ක්‍රීඩාවක් නොවන බවත් එය සෞඛ්‍යයට අහිතකර මෙන්ම ඇබ්බැහිවන සුළු ක්‍රීඩාවක් බවත් එම වාර්තාවේ සඳහන් වේ. සුදූ ක්‍රීඩාව හේතුවෙන් යමෙකුගේ ජීවිතයට විශාල හානියක් සිදුවිය හැකි බවත් පුද්ගලයකුගේ සෞඛ්‍යයට පමණක් නොව ධනය සහ සබඳතාවන්ටත් පවුල්වලටත් ප්‍රජවන්ටත් ඉන් හානි සිදුවිය හැකි බවත් එම වාර්තාවේ දැක්වේ.
සමාජයේ පිළිගත් පුද්ගලයන් සූදු ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට තවත් ගැටළුවක් බවද එම වාර්තාවේ සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියළුම සූදු තහනම් කළ යුතුය.
මම ඉන්නේ විදේශ රටකත මම වසර 10ක් තිස්සේ ඔන්ලයින් සූදු ක්‍රීඩාවේ යෙඳෙනවා. මේ වෙද්දී කිසිවෙක් හම්බවෙන්න, කිසිම කෙනෙක් එක්ක කතා කරන්න මට කිසිම කැමැත්තක් නැහැ. කොටින්න දත කට මැදගන්න, මූණ සෝදන්නවත් හිතට හැඟීමක් එන්නේ නැහැ. මම රස්සාවෙන් හොයන මුළු පඩියම වියදම් කරන්නේ සූදුවට. මගේ මනස හොඳටම අවුල්. සූදුවෙන් පැරදෙන්න පැරදෙන වාරයක් පාසා මම හිතනවා මම මේ ලෝකේ ඉන්න අවාසනාවන්තම පුද්ගලයෙක් කියලා. මගේ මනස, සෞඛ්‍ය, ශරීරය, පවුල් ජීවිතය, ගෙදර දොර , පවුලේ ලඟම නෑදෑයෝ කිසිම කෙනෙක් එක්ක කතා නොකර, හමු නොවී ඉන්න තමයි මම හැම වෙලාවෙම උත්හස කරන්නේ. වාසනාවට මගේ බිරිඳ මේ ඔක්කොම ඉවසගෙන රැකියාවක් කරලා මට කන්න බොන්න දෙනවා. මේක මහා සාපයක්. ඒත් ගැලවීමක් නෑ.