IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලලිත් කොතලාවලට දුන් සුප් එකක් ගැන සැකලු

(නිමන්ති රණසිංහ)

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ අධිපති ලලිත් කොතලාවල මහතාගේ මරණයට සතියක දෙකක කාලයක් තුළ දිනකට කිහිප වතාවක් නිවිති යෙදූ සුප් සහ තැඹිලි වතුර බීමට ලබාදුන් බව තමාට දැනගන්නට ලැබුණු බැවින් එතුමාගේ මරණය සම්බන්ධයෙන් සැකයක් ඉපදී ඇතැයි ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ සංගමයේ ඇත්මඩලගේ ජූඩ් මාකෝ පෙරේරා මහතා සාක්ෂි ලබාදෙමින් ලබා දෙමින් අද (03) අධිකරණයේ දී පැවසීය.

ලලිත් කොතලාවල මහතාගේ මරණ පරීක්ෂණ සාක්ෂි විභාගය අද (03) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසිංහ මහතා ඉදිරියේ පැවැත්වූ අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත් විණි.

එහිදී සාක්ෂි ලබා දුන් පළමු සාක්ෂිකාර පෙරේරා මහතා සාක්ෂි දෙමින් සඳහන් කළේ කොතලාවල මහතාගේ මරණය ස්වාභාවික මරණයක් ලෙස පෙනෙන පරිදි නීතීඥවරුන් කණ්ඩායමක් ඇතුළු කිහිපදෙනෙක් සැලසුම් සහගතව කටයුතු කර ඇති බවට තමා සතුව වාර්තා ඇති බවය.

නීතිඥ නිශ්මි ගොඩැල්ලවත්ත, නීතිඥ සමන් ලියනගේ, නීතීඥ දිනේෂ් ජයවීර, නීතිඥ එස්. පී. එස්. රසිකා, රහස් පොලිසියේ හිටපු නිලධාරියෙකු වන ලලිත් අමරසිංහ, පොලිසියේ විශ්‍රාමික ප්‍රියංජන වන්නිආරච්චි, වත්මන් වත්මන් පොලිස්පතිතුමා ගේ මස්සිනා කෙනෙකු යැයි කියාගන්නා මහින්ද උපසේන, නීතිඥ සමන් ලියනගේ යන අයගේ සහෝදරිය වන නිරෝශා ප්‍රියදර්ශණී සහ තවත් කිහිප දෙනෙකු සිසිලියා කොතලාවල මහත්මියගේ දැඩි විරෝධතාව මත ඔවුන් පදිංචි නිවසින් කොතලාවල මහතාව කොළඹ 7 ෆොන්සේකා මාවතේ පිහිටි නිවසකට රැගෙන ගොස් ඇති බවද සාක්ෂිකරු සඳහන් කළේය.

එම නිවසේ දී කොතලාවල මහතා මුලාකරමින් සහ බලහත්කාරයෙන් රුපියල් බිලියන ගණනක් වටිනා දේපල දේපළ මෙම පිරිස විසින් අනීතික ලෙස පවරා ගනු ලැබූ බවත්, මේ සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසියේ පැමිණිලි ඉදිරිපත් කර ඇති බවත් සාක්ෂිකරු අධිකරණයේදී ප්‍රකාශ කළේය.. මෙම ඉහත කී පිරිස එක්ව කටයුතු කරමින් සැලසුම් සහගතව ස්වාභාවික මරණයක් ලෙසින් පෙනෙන පරිදි වයස්ගත ලලිත් කොතලාවල මහතාට ආහාර පාන ලබා දී රෝගාතුර වීමෙන් අනතුරුව රෝහල් ගත කර ඇති බවත් රෝහලේ දී කිසිවකුට හෝ එතුමා බැලීමට ඉඩ ප්‍රස්ථාව ලබා නොතිබුණු අතර එහිදී එතුමා මිය ගොස් ඇති බවත් සාක්ෂිකරු අධිකරණයට සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කළේය.



අදහස් (4)

ලලිත් කොතලාවලට දුන් සුප් එකක් ගැන සැකලු

සවී Friday, 03 November 2023 09:22 PM

අනේ මේ ලලිත් කොතලාවල මහතා ඔහුගේ ඥාති සහෝදරයෙකු වූ ආචාර්ය ගාමිණී කොරයා මහතාට අවුරුදු ගානකට එපිට කරා යයි කියූ දේ. ඒ විදිහටම සිදුවෙලා වගේ...

:       0       0

Sampath Friday, 03 November 2023 10:40 PM

සෝම හාමුදුරුවන්ගේ අපවත්වීමත් සැකයි කියලා ඒ කාලේ මිනිස්සු කිව්වා වගේ මතකයි...!

:       0       0

chandima Saturday, 04 November 2023 12:37 AM

අපේ ජනාධිපතිතුමාත් සුප් බොන්න කැමැතියි නේද?

:       0       0

අබිලින් Saturday, 04 November 2023 04:34 AM

එතරම් වයසක කෙනෙකුට තබා සාමාන්‍ය කෙනෙකුට වුවත් නිවිති සහ තැඹිලි ඉතාමත් අහිතකරයි කියලා ඕනම කෙනෙක් දන්නවා... මෙම සාක්ෂිකරු කියනදේ සත්‍ය නම් කුමන්ත්‍රණයක් වෙලා කියන්න පුළුවන්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 96 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 144 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site