IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ලොරියක් සහ වෑන් රියක් ගැටී අයෙක් මරුට

(රංජිත් රාජපක්ෂ)

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් එක් පුද්ගලයෙකු මියගොස් 18 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කල බව නානුඔය පොලිසියේ නිලධාරියෙකු පැවසිය.

මෙම අනතුර සිදු වි ඇත්තේ ඊයේ (01) දින රාත්‍රි 7 ට පමණ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ සමර්සෙට් වත්ත ප්‍රදේශයේදිය. 

අනතුරෙන් මියගොස් ඇත්තේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචි අනිටා මොහොමඩ් අල්සාර් (53) හැවිරිදි පුද්ගලයෙකි.

අධික බැවුමක් සහිත එම මාර්ගයේ නුවරඑලිය සිට හැටන් දක්වා ධාවනය වු ලොරි රථයේ තිරිංග හදිසියේ ක්‍රියා විරහිත විම නිසා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් නුවරඑලිය දෙසට ධාවනය වෙමින් තිබු වෑන් රථයේ ගැටි ලොරි රථය නතර වි ඇත.

කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ පිරිසක් නුවරඑලිය සංචාරයක් සදහා ගමන් කරමින් සිටියදි මෙම අනතුර සිදු වි ඇති බවයි නානුඔය පොලිසිය කියා සිටියේ.

අනතුර සිදුවන අවස්තාවේ වෑන් රථයේ 18 දෙනෙකු සහ ලොරි රථයේ රියදුරා සහ රිය සහයකයා ගමන් කර ඇති බවත්, ඉන් ලොරි රථයේ රියදුරා පමණක් තුවාල ලබා ඇති බවයි පොලිසිය කියා සිටියේ.

අධික බැවුමක් සහිත එම මාර්ගයේ ටොන් පහට වඩා බර වාහන ධාවනය කිරිම තහනම් කර තිබියදි ලොරි රථයේ රියදුරා එය නොතකා ලොරි රථය ධාවනය කර ඇති බවට සිදු කර ඇති මුලික විමර්ෂණවලදි අනාවරණය වි ඇත.

අනතුරෙන් තුවාල ලැබු තුවාලකරුවන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතල බවත්, අනතුරෙන් වෑන් රථයට සහ ලොරි රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන නානුඔය පොලිසිය කියා සිටියේ.



අදහස් (0)

ලොරියක් සහ වෑන් රියක් ගැටී අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 123 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site