(යොහාන් භාසුර)
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන් දෙදෛනෙක් ඇතුළු පුද්ගලයන් හය දෙනෙක් රෝහල්ගත කළ බවත් වැලිගම පොලිසිය පැවසීය.
මාතර සිට ගාල්ල බලා ධාවනය වෙමින් තිබූ දුම්රිය පස්වරු 6.40 ට පමණ ලොරි රථයේ ගැටී ඇති බවත් එම අවස්ථාවේදී රථයේ පුද්ගලයන් හත් දෙනෙක් සිට ඇති බවත් වැලිගම පොලිසියේ නිලධාරියෙක් කීය.
තුවාල ලැබූ පුද්ගලයන් ඒ මොහොතේදීම මාතර රෝහලට ඇතුළත් කළ බවත් ඔවුන් මේ වන විට රෝහලේ ප්‍රතිකාර ලබන බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd