(ආරියදාස කොඩිතුවක්කු සහ තිස්සමහාරාම අමිල සම්පත් ශ්‍රී)
හම්බන්තොට තිස්සමහාරාම පාරේ වීරවිල තිස්සමහාරාමය දක්වා දාවනය වූ කුඩා ලොරි රථයක් අද 30 වන දින උදේ 5.00 පමණ තිස්සපුර ප්‍රෙද්ශයේදී නතරකර තිබූ ලොරි රථයක ගැටීමෙන් කුඩා ලොරි රථයේ ගමන්ගත් රියදුරා හා කාන්තාවක එම ස්ථානයේම මියගොස් බරපතළ තුවාල ලැබූ තවත් අයෙකු දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කර ඇති බව තිස්සමහාරාම පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ කුඩා ලොරි රථයේ ගමන්ගත් තිස්සමහාරාමයේ සේනපුර පදිංචිව සිටි ඩබ්ලිව්. එස්. රංජනී (58) හා තිස්සමහාරාමයේ ගගසිරිපුර පදිංචිව සිටි කේ.එම්. අසේල ලක්මාල් (33) යන දෙදෙනාය. බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ ගගසිරිපුර පදිංචි රංජිත් උදයකුමාර යන තුවාලකරුය.
මළ සිරුර දෙබරවැව මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත. මහේස්ත්‍රාත් පරීක්ෂණ අද 30 වන දින පැවැත්වීමට නියමිතය.
අනතුරට සම්බන්ධ ලොරි රථය හා රිදුරාත් කුඩා ලොරි රථයත් අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස පරීක්ෂණ ඒ.ඩී. කාරියවසම් මහතා හා රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂණ පුෂ්පකුමාර මහතා ඇතුලු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.


2025 දෙසැම්බර් මස 18
413
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලොරි-ලොරි ගැටී දෙකක් මරු දකිති