
(ගයාන් සූරිය ආරච්චි)
මේ දක්වා භාර නොදුන් හා විගණනයට ඉදිරිපත් නොකල සියලුම බලපත්‍ර සහිත ගිනි අවි ජනවාරි මස 20 වන දිනට පෙර භාර දීමට කටයුතු කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි.
සිවිල් පුරවැසියන්ට තම ජිවිත ආරක්‍ෂාව සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ලබාදී තිබු සියලුම වර්ගයේ ගිනි අවි හා පතරොම් නැවත රජයට භාර දෙන ලෙස දැනුම් දීමෙන් පසු මේ වනවිට බලපත්‍රලාභීන් 85% ක් පමණ ගිනි අවි නැවත භාරදීමට කටයුතු කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය කියයි.
පසුගිය කාලයේදී පුද්ගල ආරක්‍ෂාව සඳහා යුද හමුදාව සහ පොලීසිය විසින් සැලකිය යුතු ගිනි අවි හා පතරොම් ප්‍රමාණයක් නිකුත් කර ඇති බව එම අමාත්‍යාංශය කියයි.
සිවිල් ජන සමාජය තුල ගිනි අවි පරිහරණය හා අවභාවිතය අවම කිරීම තුලින් මෙන්ම නිසි නියාමනයක් කිරීම තුලින් සුරක්‍ෂිත සමාජයක් තහවුරු කිරීම වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලයිසන් නැති ඒව බාරදෙන්න ඕන්නෑ නේද?
88-89 කාලේ අපේ සහෝදරවරු පාවිච්චිකරපු ගල් කටස්, අත් බෝම්බ බාර දෙන්න ඕනේ ජෙප්පන්ගේ පැලවත්තේ කාර්යාලයටද නැතිනම් ඒ ගැන මනා දැනුමක් තියෙන දිනන තුරු ABBA සිල්වා සහෝදරයාටද?