IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ලියවිලි නැතිව ඇමෙරිකාවේ ඉන්න ලාංකිකයෝ 3065 ක් අවදානමේ

(විමුක්ති එස් රුද්‍රිගු)

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති ධුරයේ දිවුරුම් දීමත් සමග ඇමෙරිකාවේ නිසි ලියකියවිලි නොමැතිව සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් 3065 ක් මෙරටට පිටුවහල් කිරීමේ අවදානමක් මතුව ඇතැයි පැවැසෙයි.

ඇමෙරිකාවේ නීති විරෝධීව සිටින සංක්‍රමණිකයන් සමූහ වශයෙන් පිටුවහල් කරන  බවට ලබාදුන් මැතිවරණ පොරොන්දුව ඉටු කරමින් ජනපති ට්‍රම්ප් සංක්‍රමණිකයන්ට අදාළ විධායක නියෝග කීපයක් පසුගියදා නිකුත් කළ අතර ඒ සමග නීති විරෝධීව ඇමෙරිකාවේ සිටින සංක්‍රමණිකයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට ඇමෙරිකාවේ ආගමන හා රේගු බලාත්මක කිරීමේ ඒජන්සියට තිබූ බොහෝ බාධාවන් ඉවත්ව ඇත.

එලෙස බාධා ඉවත් වීමත් සමග එම ඒජන්සියේ බලාත්මක කිරීමේ සහ ඉවත් කිරීමේ මෙහෙයුමේ නීති විරෝධී සංක්‍රමණිකයන් ලැයිස්තුවේ සිටින අයවලුන් ඇමෙරිකාවෙන් පිටුවහල් කරනු ඇතැයි පැවැසෙයි. එම ලැයිස්තුව, පිටුවහල් කිරීමට අවසන් නිවේදන නිකුත්ව ආගමන හා රේගු බලාත්මක කිරීමේ ඒජන්සියේ අත් අඩංගුවේ සිටින සහ නොසිටින ලෙස කොටස් දෙකකින් සමන්විතය.

ආගමන හා රේගු බලාත්මක කිරීමේ ඒජන්සියේ අත් අඩංගුවේ නොසිටින පිටුවහල් කිරීමේ අවසන් නිවේදන නිකත් වූ ලැයිස්තුවේ පසුගිය නොවැම්බර් 24 වැනිදා වනවිට සංක්‍රමණිකයන් 1,445,549 සිටින අතර ඉන් 3065 ශ්‍රී ලාංකිකයන්ය. ශ්‍රී ලංකාවේ පමණක් නොව පාකිස්තානයේ 7760 ක්, ඉන්දියාවේ 17,940 ක් සහ බංග්ලාදේශයේ 4837 ක් එම ලැයිස්තුවේ සිටී.

කෙසේ නමුත් ලැයිස්තුවේ සිටින සියලු දෙනා නීතිමය සහ ප්‍රවාහන අභියෝග හේතුවෙන් එකවර වහාම පිටුහල් කිරීම සිදුකළ නොහැකි බවද ආගමන හා රේගු බලාත්මක කිරීමේ ඒජන්සිය ප්‍රකාශ කර ඇත. ඇමෙරිකාවේ සරණාගතභාවය ඉල්ලමින් නඩු පවරා ඇති සංක්‍රමණිකයන් එම නඩු කටයුතු අවසන් වන තෙක් පිටුවහල් කළ නොහැකි බවද එම ඒජන්සිය සඳහන් කර තිබිණි.

ට්‍රම්ප් ජනපති ධුරයට පත්වීමත් සමග ඇමෙරිකානු ආගමන හා රේගු බලාත්මක කිරීමේ ඒජන්සියේ ප්‍රධාන අරමුණ නිසි ලියකියවිලි නොමැතිව සංක්‍රමණිකයන් අත් අඩංගුවට ගැනීම බවට පත්ව තිබෙන බවත් දිනකට එලෙස සිටින සංක්‍රමණිකයන් 1500 ක් පමණ අත් අඩංගුවට ගැනීම එම ඒජන්සියේ ඉලක්කය වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.



අදහස් (0)

ලියවිලි නැතිව ඇමෙරිකාවේ ඉන්න ලාංකිකයෝ 3065 ක් අවදානමේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site